IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලිට්‍රෝ ගෑස් රුපියල් 343 කින් වැඩි කරයි

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 343 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පස්වරුවේ පැවසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 137 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 63 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3470 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1393 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 650 දක්වා ද වැඩි වූ බවත් මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,127 ක ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,256 ක ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 587 ක ද, පැවතුණි.

 



අදහස් (6)

ලිට්‍රෝ ගෑස් රුපියල් 343 කින් වැඩි කරයි

wedage Wednesday, 04 October 2023 03:28 PM

ලලිත් සහ අජිත් නිදහස් කළා කියලා දිවයින පත්තරේ තිබුණා විදේශිකයෙකුට ලංකාවේ මහජන මුදල් දුන්නා කියලා කවදා නිදහස් කරපු අය ලංකාවේ මුදල් විදේශිකයෙකුට දීලා නැද්ද?

:       0       7

බද්රානි Wednesday, 04 October 2023 03:54 PM

නියමයි...! ඉතාමත්ම හොඳ තීරණයක්. මම නම් කියන්නේ ඔයිට වඩා තව මිල වැඩිකළ යුතුයි.. කිරි හොදියි, බතුයි, දරලිපේ උයාගෙන කන්න හුරුකළ යුතුයි.. නැත්නම් කාලා තෙල වැඩිවෙලා දේශපාලන රැස්වීම් වල ඕනෑවට වඩා හුරේ දානවා... හොඳ වැඩේ...!!!

:       0       21

nimal Wednesday, 04 October 2023 05:12 PM

ලෝකවෙළෙඳ පලේ ගෑස්මිල වැඩිවෙනවිට ලෝකයේ වෙනත් රටවල මෙන් ලංකාවේත් ගෑස්මිල වැඩි කරනවා. අඩුවෙන විට මිල අඩුකරනවා... ලෝකයේ කවුරුත් කිසිවක් ලංකාවට නොමිලයේ දෙන්නේ නැති බව දේශපාලකයින්ට මෙතෙක් රැවටුණු ඡන්ද දයකයින් තේරුම්ගත යුතුයි...

:       4       5

NimalThursday, 05 October 2023 08:18 AM

නොමිලේ දෙන්නේ නැති එක හරි .ඒත් හොරා කන්න ගණන් උස්සන එක හරිද ?

:       0       1

Prabha Wednesday, 04 October 2023 06:13 PM

ලංකාවේ තරගකාරී වෙළෙඳපල කියන්නේ... තරගයට මිල වැඩි කරන එකටද?

:       0       6

ගෑස් _ගෑස්_ගෑස් Wednesday, 04 October 2023 07:12 PM

අනේ! ගරු සභාපති තුමණි, ඔය ගමන්ම අර මාර්කටි එකේ Rotate වෙන පලුදු ගෑස් කෑන් වලත් අලුතින් තීන්ත ස්ප්‍රේ කරවන්නකො, එතකොට ඔබ තුමා වගෙ කෑනුත් ස්මාරටි ලුකිං ඇපියරන්ස් නෙ. දැං price සුත් smart . මගෙ අඹු සිගිත්ත, කබල් වෙචිච සිලිංඩරයක් මං උස්සං ආව කියල දැමිමනෙ දෝස් මුරයක්, මමත් අතඇරිය නෑ. තරහටත් එක්ක සිලිංඩරය කරතියා ගෙනම ඇවිල්ල අලුත් එකකට මාරු කරගෙන ගියා. ඒකත් ඉතිං ??????. පස්සේ අඹුසිගිත්ත මුදිතාව ස්.ස්.කිය කිය පීරිගාන්න පටං ගත්ත. මම සද්ද නැතුව ලොබියේ ඉන්න (TV) සුන්දරිය බදා ගත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site