තෙල් සංස්ථාව පොලු තියලා:ඉරාන තෙල් ගිවිසුම කඩලා ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ. 19 August 2023
තවත් දිසා දෙකකට පානීය ජලය සීමාවෙයි වියළි කාලගුණය අඛණ්ඩව පැවතීම නිසා මහනුවර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට පානීය ජල සැපයුම සීමා කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවසීය. 19 August 2023
අද බොහෝ ප්‍රදේශවලට වැස්ස නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පය හැර සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි. 19 August 2023
ඡන්ද ලේඛනයේ නම තිබේදැයි විමසන්න අවස්ථාවක් මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්ෂා කළ හැකි බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. 18 August 2023
පෙතියාගොඩ රසායන ද්‍රව්‍ය ඇසුරුම් ගබඩාවක ගින්නක් පෑලියගොඩ පොලිස් වසමට අයත් පෙතියාගොඩ ප්‍රදේශයේ තෙමහල් නිවසක පළමු මහලේ කාමරයක් තුළ පවත්වාගෙන ගිය රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේ ගබඩාවක් අද (18) සවස් කාලයේ දී ගිනිගෙන ඇතැයි පෑලියගොඩ පොලිසිය පවසයි. 18 August 2023
මහනුවර ඇසළ උත්සවයට 25දා සිට විශේෂ දුම්රිය මහනුවර දළදා මාලිගාවේ ඇසළ උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර රැසක් මේ මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 18 August 2023
පුංචි ඡන්දයේ නාමයෝජනා හිසරදයක් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කර හෝ එසේත් නැත්නම් වෙනත් ආකාරයකින් හෝ නාමයෝජනා හේතුවෙන් පවතින තහංචි ඉවත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (18) ‘ලංකාදීප’යට පැවසීය. 18 August 2023
තරුණයන්ට 25% දෙන පනත පාර්ලිමේන්තුවට තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පැවසීය. 18 August 2023
දඩයක්කාරයන් ගැන කියන්න අංකයක් රටතුළ පවතින නියඟය හේතුවෙන් වනාන්තර තුළ ජලය හිඟවීම හේතුවෙන් ජල සොයා එන වන සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංශය වන 1992 ට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 18 August 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් විවාදය 24 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 18 August 2023
ගිනිගත් කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවන් අවදානමක හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගිනිගත් රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවේ ගිනිගත් එක් ගබඩාවක් සදහා අවශ්‍ය පාරිසරික බලපත්‍රය ලබා ගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා පවසයි. 18 August 2023
කුඹුරු හානි පරීක්ෂාවට ඩ්‍රෝනා නියඟයෙන් සිදු වූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝනා යානා යොදා ගන්නා බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි 18 August 2023
පළාත් සභා ගැන සාකච්ඡාවකට ආණ්ඩුකාරවරුන් කැඳවයි ලබන වසර අවසාන වනතුරු වත්මන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකි ක්රමවෙිදයක් සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 August 2023
බඩ ඉරිඟු ආනයන බදු පහළට බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 50 කින් අඩු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 18 August 2023
මාරුව ලැබූ පාසලට නොගියොත් වැටුප අත්හිටුවයි අධ්‍යාපන අමාත්‍යංශය දී ඇති ස්ථාන මාරු අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 August 2023
ඉහළ මහලෙන් වැටුණු සරසවි සිසුවා මරුට හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසයි. 18 August 2023
ලිංගික හිංසන සිද්ධියට මන්ත්‍රිනී සංසදයත් වැඩ අරඹයි පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සමහර රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අද හෙටම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 18 August 2023
කුරුඳුමලේ විහාරස්ථානයේ උණුසුම් තත්වයක් මුලතිව් ඓතිහාසික කුරුදුමලේ රජමහා විහාරස්ථානයේ අද (18) පොන්ගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිසක් ඇතුලු වීමේන් විහාරයේ දායකයින් සමඟ උණුසුම් තත්ත්යක් ඇතිව තිබේ. 18 August 2023
හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි රාගම පුනුරුත්ථාපන රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ලියා පදිංචි වෛද්‍ය අංකය යටතේගම්පහ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. 18 August 2023
විනාශයට මුල කණ්ඩායමක් ලෙස කටයුතු නොකිරීමයි අවශ්‍ය නිවැරදි තීරණ අවශ්‍ය මොහොතේ ගත්තා නම් උඩවලවේ ගොවීන්ට මෙම හානිය සිදුවන්නේ නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 18 August 2023
ජල ගාස්තු සූත්‍රය දෙසැම්බර් සිට ජල ගාස්තු අයකිරීමේ මිල සූත්‍රය ලබන දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය. 18 August 2023
කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් වහයි කැලණිවැලි දුම්රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය මේ මස 21 වැනිදා පෙරවරු 8.00 සිට 22 වැනිදා පෙරවරු 5.00 දක්වා තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 18 August 2023
සිසුවා තෙවැනි මහලෙන් බිමට දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කහතුඩුවපොලිසිය පවසයි. 18 August 2023
සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය පැනල විදුලි ව්‍යාපෘතියක් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100 ක බිම්ගත සූර්ය පැනල විදුලි උත්පාදන ව්‍යාපෘතියක් සඳහා කොන්ත්‍රාත්තුව පසුගියදා පිරිනැමීය. 18 August 2023
කුඹුරු සිතියම්ගත කරන්න ගොවීන්ගෙන් සල්ලි ගරලා රටපුරා ඇති කුඹුරු සිතියම්ගත කිරීම ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 18 August 2023
අලුත උපන් බිළිදිය රෝහලේ පිටුපස දමා ගිහින් දින තුනක් වයසැති බිළිදියක මහියංගනය මූලික රෝහලේ පිටුපස අතහැර දමා ගිය බව කියන එම බිළිදිය බිහිකළ බව කියන කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි. 18 August 2023
අනතුරින් ව්‍යාපාරිකයා මරුට යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව නවගමුව ප්‍රදේශයේදී සිදුවූ රියඅනතුරකින් ව්‍යාපාරිකයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. 18 August 2023
හමුදාවට ගියත් ආරේ ගුණ නෑරේ මාදම්පේ රත්මල්ගාර රජයෙ වතු යායෙන් පොල් සොරකම් කිරීමේ නිරත වු යුද හමුදා ලාන්ස කෝප්රල්වරයකු වතු මුරකරුවන් හා පාලනාධිකාරිය එක්වි අද (18) මාදම්පේ පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි. 18 August 2023
ගාල්ලට සහ මාතරට පොඩි වැස්සක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 August 2023
දොඩම්ගොඩ ඝාතනයට දෙකක් සැකපිට ’’ මත්ද්‍රව්‍ය ජාවාරම ගමට හිසරදයක්’’ බවට මුහුණු පොතේ දැන්වීමක් පළ කිරීමේ සිද්ධියක් මුල් කරගෙන දොඩම්ගොඩ දොලේලන්ද ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි. 18 August 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026