( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිය දියණිය සමග කැස්බෑව හල්පිට පදික මාරුව මතින් ගමන් ගත් පෙර පාසල් ගුරුවරියක් මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. අනතුරෙන් පසු මෝටර් රථය පලා ගොස් ඇත.
12 හැවිරිදි දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ පොල්ගස්සොවිට හල්පිට නාගහවත්ත මාවත පදිංචිව සිටි පුෂ්පිකා සෙව්වන්දි නාකන්දල (38 ) නැමැති පෙර පාසල් ගුරුවරියකි.
මිය ගිය පෙර පාසල් ගුරුවරිය පිළියන්දල සිට බස් රථයෙන් පැමිණ හල්පිට ප්‍රදේශයෙන් බැස පදික මාරුව හරහා ගමන් කිරීමේදී කහතුඩුව සිට කැස්බෑව දෙසට ධාවනය වූ මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදික මාරුවට කිසි සැලකිල්ලක් නොදක්වන රියදුරන් ඕනෑතරම්. මෝටර් සයිකල්, ත්‍රීවීල්, කාර් වැනි පුද්ගලික රථ විශේෂයි. මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න දෙවියනේ...!