(ඉන්දිකා රාමනායක)
පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස මහජනයාට තර්ජනයක් විය විශාල ගස් සම්බන්ධයෙන් කඩිනම් අවදානය යොමුකර ඒවා කපා ඉවත් කරන ලෙසට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා ජාතික ගොඩනැගි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට අද (6) උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අද පෙරවරුවේ කොල්ලුපිටියේ දී මාර්ගය අයිනේ තිබු විශාල ගසක් බස් රථයක් මතට කඩා වැටී පුද්ගලයන් 5 දෙනෙකු මිය යාමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් මේ බව දැනුම් දී ඇත.
පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ, සහ අදාල පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමග සම්බන්ධිකරණය වී තර්ජනයක් වන සෑම දෙයක්ම ඉවත් කරන ලෙසට උපදෙස් ලබා දුන් බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල ඉවර වූ පසු නැගිටින්න.
දැන් හොඳ ගසුත් කපයි.
වැසිකිළිය හොයන්න යන්නේ ඕනෙ වෙනකොට විතරයි...
දැන් ඉතින් හෙවනකට තියෙන සේරම ගස් ටික කපලා ලී කරයි. කොළඹ කාන්තාරයක් වෙයි. නියම පල්ලම මෙයාලට.
ඔය ගහ කලින් කපන්න ගියා නම් කීදෙනෙක් නටයිද පරිසරය විනාශ කරනවා කියලා. ඔය උඩින් කමෙන්ට් කරලා තියෙන්නේ දැන් හොඳ ගසුත් කපයි කියලා, ඒවගේ එක්කෙනෙක්...