ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ පළමු පියවර ආරම්භ කරයි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස විදුලිය බෙදාහැරීමට අදාලව වෙන් කර ඇති කළාපවල වෙන්වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතා සම්පුර්ණ කිරීමට තීරණය කර තිබේ. 05 March 2023
ලිට්රෝ ගෑස් මිල වෙනසක් නොවේ ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බවත් දැනට පවතින මිල තව දුරටත් පවතින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. 05 March 2023
18 වංගුව පාර වහයි දැඩි වාර්ෂාවත් සමග පස් කඳු කඩා වැටීම නිසා මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පොලීසිය කියයි. 05 March 2023
උණ්ඩ 225 සමග ව්‍යාපාරිකයෙක් මාට්ටු රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් බළපිටිය ප්‍රදේශයේ සිදු කරනලද වැටලිමකදි මිලි මිටර් 09 පතරොම් 225ක් ජංගම දුර කතනයක් සහ පෙන් ඩ්‍රයිව් එකක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ. 05 March 2023
මැති සබේ කෑම වියදම සියයට 30කි ඉහළට විදුලිය, ගෑස් සහ ආහාර ද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කෑම වියදම සියයට 30කින් පමණ ඉහළ නැග ඇතැයි වාර්තා වේ. 05 March 2023
අනතුරකින් දෙකක් මරුට කිරිඳිවැල දෙල්ගොඩ ප්‍රධාන මාර්ගයේ පුටුපාගල ග්‍රාමීය බැංකුව අසල දී යතුරු පැදියක් හා කුඩා වර්ගයේ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් යතුරුපැදිය පදවාගෙන ගිය පුද්ගලයා සහ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇති බව දොම්පේ පොලීසිය පවසයි. 05 March 2023
උණ හෙම්බිරිස්සාවක් ඉන්දියාවේ ‘කොවිඩ් 19’ වයිරසයට සමාන, උණ හෙම්බිරිස්සා වයිරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 05 March 2023
ඉරානයේ යළිත් විරෝධතා ඉරාන රජයට එරෙහිව යළිත් විරෝධතා ආරම්භ වී තිබේ. ඒ, එරට පාසල් දැරියන්ට වස දීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. කිසියම් අන්තවාදීන් කණ්ඩායමක්, පාසල් දැරියන්ගේ ආහාරවලට වස කලවම් කරන බව ඉරාන රජය ද පවසා තිබේ. 05 March 2023
සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි. 04 March 2023
යාල්දේවි මහවදි පාර මාරු කරයි අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල් දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැන ඇතැයි මහව දුම්රිය ස්ථානය පවසයි. 04 March 2023
අතුරුදහන් යැයි කියු තරුණිය ගැඹුරු මුහුදෙන් හමු වෙයි දින දෙකකට පෙර අතුරුදන් 25 හැවිරිදි තරුණියගේ මළසිරුර බේරුවල ඈත මුහුදේදී ධීවර බෝට්ටුවකට හමු වී ඇතැයි පොලිසිය කියයි. 04 March 2023
කාලය වැඩි කරන්නැයි ඉල්ලා 154 බස් වර්ජනයක් මාර්ග අංක 154 කිරිබත්ගොඩ සහ අගුලාන අතර ධාවනය වන බසයකට ගමන් වාරයක කාලය වැඩි කරන ලෙස ඉල්ලා බස් සේවකයෝ අද විරෝධයක් පළ කළහ. 04 March 2023
පුංචි ඡන්දය ඉල්ලා මිලානෝ උද්ඝෝෂණයක් ‘‘මැතිවරණයකට බියගුළු රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවාදයවල දමන කුමන්ත්‍රණය පරදවමු‘‘ යන තේමාව යටතේ හෙට ( 05) දින සවස 03:00 ට මිලානෝ නගරයේ පෙළපාළියක් හා පසුව මිලානෝ ප්‍රධාන දුම්රිය පොල ( Milano Centrale ) ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් සංවිධාන කර තිබේ. 04 March 2023
කොමිෂන් පත් කිරීම කල් යන හැඩ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් කඩිනමින් පත් කිරීමට බලාපොරොත්තු වුවත් එම පත් කිරීම් තවත් සති කීපයක් පමා වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 04 March 2023
ලිට්රෝ ගෑස් ගෑස් පෙන්නයිද? ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට වන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 04 March 2023
පොලී අනුපාතය ඉහළ දැම්මාට අයි.එම්.එෆ් ප්‍රසාදය ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමට ගත් තීරණය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය හිමිව තිබේ. 04 March 2023
රසායනික පොහොර තහනමෙන් කෝටි 24,000ක පාඩුවක් රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට(24500) වැඩි පාඩුවක් සිදුවී ඇතැයි විශේෂ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය. 04 March 2023
මුදල් කාරක සභාවේ මුල් පුටුවට අලුතින් කරන්න යන දේ නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරයේ මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (committee of public finance) වැඩබලන සභාපතිවරයකු පත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ. 04 March 2023
සමෘද්ධියට කෝටි හාර දාහකට පොල්ලක් රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 4765ක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 04 March 2023
අද සිට වැස්ස අලුත් වේ දිවයින පුරා පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (4) දිනයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 March 2023
යතුරු පැදියෙන් ඇවිත් දරුවාගේ පංචායුධය කපා ගෙන යයි අපල උපද්‍රව මඟහැරීමට එකොළොස් හැවිරිදි දරුවකුට පලඳා තිබූ රන් පංචායුධයක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිහියකින් කපා ගෙන පලාගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි. 03 March 2023
පොලී අනුපාතය ඉහළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (03) පැවති රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 03 March 2023
අඩි 15ක් දිග ගැටයෙක් පිලදුවෙන් අල්ලයි අඩි 15 ක් දිග විශාල ගැට කිඹුලෙකු මාතර පිලදුව ප්‍රදේශයෙන් ගම්වැදීමට සූදානම් වු අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා වන ජීවී නිලධාරීන් වෙත අද (03) උදෑසන භාර දෙනු ලැබීය. 03 March 2023
ප්‍රදේශ කීපයකට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (4) පස්වරු 2.00 සිට අනිද්දා (5) පස්වරු 2.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 03 March 2023
රුහුණු තාක්ෂණ සිසුන්ගෙන් කොමිසමට පෙත්සමක් රුහුණ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය වසා දැමීම, එහි උපශාලාධිපතිවරයෙකු මන්නා පිහි රැගෙන බීමතින් පැමිණ සිසුන්ට පහරදීමට උත්සාහ කිරීම සහ සරසවිය තුළ ක්‍රියාත්මක මර්දනය සම්බන්ධයෙන් විරෝධය පා තාක්ෂණ පීඨ සිසුන් අත්සන් කළ විරෝධතා පෙත්සමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත භාරදීම අද (3) සිදුකෙරිණි. 03 March 2023
මැකෝට බාලගිරි දෝෂය පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන නව දිනය මේ මස 9 වැනිදාට පෙර ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 03 March 2023
ඉන්දීය රුපියලෙන් මෙරට සාර්ථක වෙළෙඳාමක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් සාර්ථක වෙළඳ ගණුදෙනුවක් සිදු වූ බව ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශ්‍රී ලංකා ප්‍රධානි රවින්ද්‍ර කුමාර් ජා මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් ශ්‍රී ලංකා රුපියල් මුදල් ඒකකයෙන් ආනයනය සඳහා මුදල් ගෙවූ බවත් එම මුදල් සාර්ථකව ඉන්දියානු රුපියල් මුදල් ඒකකයට හුවමාරු වී ඉන්දීය අපනයනකරුවන්ට ලැබුණු බවත් කුමාර් ජා මහතා පැවැසුවේය. 03 March 2023
මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා ගැනීම වළක්වයි පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 03 March 2023
තැපැල් සේවකයෝත් පාරට බසිති රට තුළ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය තුළ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් මුහුණ දී ඇති බරපතල ගැටලු පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කිරීමේ අරමුණින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අද (3) මධ්‍යහනයේ විරෝධතාවක් පැවැත්වීය. 03 March 2023
’වේගාට’ උප්පැන්නයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ චැසි අංකයක් සහිතව මෝටර් රථයක් ලියාපදිංචි කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 03 March 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026