( සුමිත් පොතුපිටිය )

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක  සිව්වන මහලින් අද පස්වරුවේ  ඇදවටී පුද්ගලයකු මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ රනාල, නවගමුව   ප්‍රදේශයේ පදිංචි මෙංචිගේ ලසන්ත රොෂාන් 45 හැව්රිදි  පුද්ගලයකු බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා සංචාරක හෝටලයේ ඉදිකරමින් පවතින  ගොඩනැගිල්ලක  පෙදරේරුවෙකු ලෙසින් රාජකාරි කරන අතර, සේවය කරමින් සිටියදී ඇදවැටී ඇති බව පොලිසිය කීය.

බරපතළ තුවාල ලබා සිටී තැනැත්තා  රෝහල් ගතකරන විටත් මියගොස් සිටී  බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.