(රන්ජන් කටුගම්පොළ)
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ග්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
නීතිඥ සුනිල් වටගල මහතා විසින් ගොනු කොට ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ
මෙම පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය යන්න නිසි ලෙස අර්ථකථනය කර නොමැති බවද මෙම පනත් කෙටුම්පතේ තුන්වැනි වගන්තිය මගින් පවතින රජයට එරෙහිව අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන් පවා අත්අඩංගුවට ගැනීම විධි විධාන යොදා ඇත
මෙම පනත් කෙටුම්පත මගින් හමුදාවන්ට, පොලිසියට ලැබෙන බලතල අනුව නිදහස අහිමි වීම සිදුවන බවද එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන බව ද වැඩිදුරටත් සඳහන්ය.
එම පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ප්‍රකාශ කරන ලෙසද පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමත කිරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd