
(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
කොළඹ කුරුදුවත්තේ රථවාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදි මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා මියගොස් සිටි ආධුනික පොලිස් කොස්තාපල් (19498) මනෝජ් ප්‍රියංකර මහතා පොලිස් සැරයන් නිළයට උසස් කිරීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත.
මෙම ආධුනික කොස්තාපලවරයා පොලිස් කොස්තාපල් තනතුරේ ස්ථිර කර පශ්චාත් උසස්වීමේ පදනම යටතේ අද දින සිට සැරයන් නිළයට උසස් කර ඇත.
මෙම කොස්තාපල්වරයා ඊයේ (5) පස්වරුවේ රථ වාහන රාජකාරියේ යෙදී සිටියදි අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගි මෝටර් රථය ගැටී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද අලුයම මියගොස් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
VIP ඇක්සිඩන්ට්. වරද පොලිස් නිලධාරියාගේ. VIP කාර් එකක හැප්පෙන්න පොලිස් නිලධාරීයෙකුට අවසරයක් නෑ..
උසස් වීමක් දීලා පමණක් මදි... රාජකාරියේ සිටිද්දී මියගියාම තනතුරට අදාල වන්දියක් (සාමාන්‍යයෙන් මරණයට පත්වුනොත් අවුරුදු දහයක වැටුප්) හා මරණ පාරිතෝෂික මුදල්... විවාහක නම් කලත්‍රයාට වැන්දඹු විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනෑ. ඒවා දෙනවා කියලා මිනීමැරුම් කළ පුද්ගලයා වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කර දඬුවමක් දීමට කටයුතු කරන්නත් ඕනෑ.
සුඛෝපභෝගි මෝටර් රථයෙන් ඉගිල්ලෙන්න ගිය එකා නිදොස් කොට නිදහස් කෙරුවද?