
(එස් ඩී කොඩිකාර)
දෙණියාය හෑන්ෆඩ් ප්‍රදේශයේ කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් සුදු සීනි දුඹුරු සීනි සමග මිශ්‍රකර ඇසුරුම් කර දුඹුරු සීනි ලෙස වෙළෙඳ පොළට අඩු මිලට බෙදාහරින කර්මාන්ත ශාලාවක් සහ ගබඩාවක් වටලා සීනි කිලෝ 2000 ක් සහ ඒ සදහා යොදා ගන්නා උපකරණ රැසක් අද සවස අත් අඩංගුවට ගත් බව කොටපොළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
සීනිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කර වෙළෙඳ පොළට බෙදාහරින බවට ලිඛිත මහජන පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.
එහිදී අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර සීනි මිශ්‍ර කිරීම සඳහා යොදා ගන්නා සිමෙන්ති මිශ්‍රණයක්, තාරාදියක් , ගෑස් ලිපක්, සීලරයක් ඇතුළු තවත් භාණ්ඩ එම ස්ථානයේ තිබී සොයා ගත් බව වැටලීම සිදු කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි.
එම ස්ථානය වටලන අවස්ථාවේ සැකකරු සීනි රැගෙන ඒම සඳහා ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස් තිබු අතර සැකකරුගේ බිරිඳ පමණක් නිවසේ සිටි නිසා අදාල භාණ්ඩ එම නිවසේ තබා මුද්‍රා තැබූ බව දෙණියාය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඊ.එස්.ජේ.පතිරණ මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය එල්ලා මරන්න දඬුවම නියම කළ යුතුයි.
මේක රටපුරා ක්‍රියාත්මක වෙනවා. හේතුව දුඹුරු සහ සුදු සීනිවල මිල පරතරය... හොඳම දේ මිල පරතරය අඩු කිරීම. ලංකාවේ තියෙන දුඹුරු සීනි ප්‍රමාණයට වඩා නිෂ්පාදනය අඩුයි. ලංකාවට පිටරටින් දුඹුරු සීනි ගේන්න බැහැ. පැල්වත්ත විතරයි හදන්නේ. මේ තරම් දුඹුරු සීනි වෙළඳ පලේ තියෙන්නේ කොහොමද කියලා පාරිභෝගික අධිකාරිය සොයා බැලුවාද?