(යොහාන් භාසුර)
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (6) පැවැති තරගයේදී පාකිස්තානු පිල ලකුණු 81 කින් නෙදර්ලන්තය පරාජය කිරීමට සමත් විය.
ලකුණු 287 ක ඉලක්කය හඹාගිය නෙදර්ලන්ත පිල ඕවර 41 කදී ලකුණු 205 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ.
මොහොමඩ් රිස්වාන් (68) සහ සවුද් ශාකීල් (68) අර්ධ ශතක රැස්කරමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 120 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
පාකිස්තානු පිල ඕවර 49 කදී සියලු දෙනා දැවී 286 (ඉමාන් උල් හක් 15, මොහොමඩ් රිස්වාන් 68, සවුද් ශාකීල් 68, මොහොමඩ් නවාස් 39, ශදාබ් ඛාන් 32, හැරිස් රවුෆ් 16, ශහීන් ෂා අෆ්රිඩි නොදැවී 13, බාස් ඩී ලීඩ් 62/4, කොලින් අකීර්මන් 39/2)
නෙදර්ලන්ත පිල ඕවර 41 කදී සියලු දෙනා දැවී 205 (වික්‍රම්ජිත් සිං 52, කොලින් අකීර්මන් 17, බාස් ඩී ලීඩ් 67, හැරිස් රවුෆ් 43/3, හසන් අලී 33/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දන්ට බැන බැන, සුද්දන්ගේ ක්‍රීඩාව කරන හිඟන කළු සුද්දෝ දැක්කාම මට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා... සුද්දන් වීමට තටමන කළු සුද්දන්ට, කාලය කා දමමින් නිකමුන් බිහිකිරීමට ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව දකුණු ආසියාවේ මෝඩයින්ට හඳුන්වා දී තිබෙනවා. එංගලන්තයේ විශ්‍රාම ගිය වයසක සුද්දන්ට කාලය මිඩංගු කිරීමට විනෝදාංශයක් ලෙස ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රයෝජනවත්...? ඔබලා වගේ දේශප්‍රේමී, ලෝක හිඟන්නන්ට කොහොමද ඔය ක්‍රිකට් ක්‍රීඩාව ගැලපෙන්නේ...? ගහපල්ලා එල්ලේ... හෝ වොලිබෝල්... ඇයි හිඟන කළු සුද්දන්ට ලැජ්ජයිද..? (මොනවා වුණත් සුද්දෝ ඔබලාව දාලා ගියේ හිඟන්නෝ කරලා නෙවෙයි. සමහරවිට ඒ කාලේ ලංකාවේ සුද්දන්ගේ අධ්‍යාපනයත් සමග පැවති ධනවත්, වැදගත් වාතාවරණයට ක්‍රිකට් ක්‍රීඩාව අපට ගැලපෙන්න ඇති)