(අංජුල මහික වරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා මාතාව  කොටසින් කොටස රෝගී වෙමින් සිටින බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමාගම් විශාල වශයෙන් රට දමා ගොස් සිටින  බව කී හිටපු ජනාධිපතිවරයා එම සමාගම් වෙනත් රටවල ස්ථාපිත වී තිබෙන බවද කීය.

තමා පසුගිය දිනක කාම්බෝජයේ සමුළුවකට ගොස්  පාරේ ඇවිදිමින් සිටින අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණ තමා වට කරගත් බව කී හිටපු ජනාධිපතිවරයා ඔවුන්  ඉංග්‍රීසි ගුරුවරුන් බව ගන්නට ලැබුණේ යැයි ද එම රටේ හොඳ පඩියක්  ගෙවන බව ඔවුන්  තමා සමග කීවේ යැයිද හිටපු ජනාධිපතිවරයා පැවසීය.