(නිමල කොඩිතුවක්කු)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (7) පස්වරුවේ සිට ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනහෙට (7) පස්වරු 5.00 සිට අනිද්දා (8) පෙරවරු 8 දක්වා පැය 15ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙනු ලබයි.

කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.