
(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)
රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා "කුෂ් " නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන් කරමින් , ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ලිපිනයකට එවා තිබියදී පෑලියගොඩ මිඩ්කෝ ගුදම් බඩු ගබඩාවේ සේවය කරන රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (06) දින සවස අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
මෙම "කුෂ් " තොගය තුනී ලෑලි වලින් සකස් කළ පෙට්ටි තුනක ව්‍යාජ පතුල් සකසා ඒ තුළ සඟවා කැනඩාවේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන බහාලුමක් තුළ බහා ශ්‍රී ලංකාවට එවා තිබුණි .
ගංජා තොගය අත් අඩංගුවට ගත් රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සේනක ඇරැව්පොළ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන සුගන්ධි පද්මනාදන් සහ අජිත් රූපසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරිවරුන් වන ඉසුර සුමනරත්න , සහන් ලාලිත්‍ය , රුවන් පෙරේරා සහ ෂෙහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුභාණ්ඩ ලෙස ඉතා ස්වල්පයක් අධිකරණයේ බාරයට ගෙන ඇති. ඒවා ආණ්ඩුකාර මහතුන් කීප දෙනෙකුගේ අධීක්ෂණයෙන් විනාශ කරලා දමන්න බැරිද? නැතිනම් ඕවා පහුවෙනකොට පාන් පිටි වෙනවා.
අල්ලපු අයගේ පින්තූර දාන්න දෙයක් නෑ. අපි පඩි දීලා ඔය තනතුරුවල ඉන්නේ ඕවා අල්ලන්න තමයි. දාන්න ඕනෙ ඕවා අල්ලාගත් අයගේ පින්තූර.