(අංජුල මහික වීරරත්න)
අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග 2025 වසරේ සිට නියමිත කාලයේ දී පැවැත්විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට උපදෙස් ලබාදී තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට මේ උපදෙස් ලබා දී ඇත.
දැනට තීරණය කෙරී ඇති ආකාරයට මේ වසරේ විභාග පවත්වන ලෙසත් 2024 වසරේ විභාග ද ඒ වසරේම පවත්වා අවසන් කිරීමට උත්සාහ කරන ලෙසත් ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් වල සඳහන්ය.
2025 වසරේ සිට නියමිත අයුරින් දරුවන්ට බරක් නොවන පරිදි විභාග පවත්වන්නට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම විභාග නිසි කලට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු නීතියකින් ම කටයුතු සම්පාදනය කරන ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට දුන් උපදෙස් වල දැක්වෙයි.
එලෙස විභාග පවත්වන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කළ පසු එය දරුවන්ට විභාග වලට සූදානම් වීමට පහසුවක් වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
විභාග පවත්වන දිනය නීතියකින් නිශ්චිත කිරීමේදී දේශපාලන අධිකාරියට හෝ වෙනත් කිසිවකුට එය වෙනස් කිරීමට නොහැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මෑත දිනකදී අධ්‍යාපන විශේෂඥයන් ද ජනපතිවරයා අමතමින් සඳහන් කර තිබූයේ මෙරට විභාග කල් යෑමෙන් දරු පරපුරට විදේශ විශ්ව විද්‍යාල මඟින් ලැබෙන ශිෂ්‍යත්ව හිමිවීම,නිකරුනේ වයස් සීමා ගත වී යෑම ඇතුළු අහිතකර ප්‍රතිවිපාක රැසකට මුහුණ දීමට සිදුවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග නියමිත දිනවලට පැවැත්වීම දේශපාලන අධිකාරියෙන් බැහැරව සිදුවිය යුතුයි. මේ වනවිටත් රඡයේ පාසල් පද්ධතිය බිඳ වැටෙමින් තියෙන්නේ... ලන්ඩන් විභාගවලට ඇති හැකි අය යනවා. නැති බැරි අහිංසකයින් ලංකාවේ විභාග බලාගෙන වයස ගෙවනවා. දැනටත් 9, 10 පන්තිවල අය ලන්ඩන් විභාගවලට ලියන ප්‍රවණතාව වැඩියි. ටියුෂන් කාරයින් තමයි විභාග පාලනය අතට අරන් තියෙන්නේ. ඔවුන් විභාග කල් දම දමා සල්ලි හොයනවා. ඔය කවුරුවත් ඉන්නවාද විභාගය කල් ගියා කියල සල්ලි නොගෙන උගන්නන අය?
වුණාම බලමුකෝ...!
බොහෝමයක් හිතුමතේ තමයි කරන්නේ... වගකීමක් ඇතිව වැඩකරන කිසිවෙක් නැහැ. නීති දැම්මාට වැඩක් නෑ.. ඒවා හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අපේ රටේ පාර්ලිමේන්තුවේ 225න් රටේ සමස්ථ ජනමතය නියෝජනය නොවේ. අඩුම ගානේ පාර්ලිමේන්තුවේ 225හේ මතය නියෝජනය නොවේ. කිහිප දෙනෙකුගේ මතය පමණක් නියෝජනය වෙයි. රට කඩාවැටෙන්න හේතුවම එයයි...
විභාග පැවැත්වීම මෙන්ම එහි ප්‍රතිඵලද නියමිත කාලය තුළ ලබාදිය යුතුයි. ඒ කාලයම අල්වා රුපියල් ඉල්ලා වැඩවරන උගතුන් මේ ගැන සැලකිලිමත් විය යුතුයි...
අපි නම් ඔන්න ඔව්වා වෙනස් කරන්නේ නෑ. ඔබතුමන්ලාම තමයි මේ දේත් කරන්නේ...!
හොඳ තීරණයක්. ඒත් විභාගෙ විතරක් වෙලාවට තියලා මදි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් හරියට කෙරෙන්න ඕනේ. එක පාරක් කොරෝනා කියලා වැහුවා. ඊළඟට තෙල් නැතුව වැහුවා. ඡන්දේ තියපු වෙලේ සැනිටයිසර් නාන්න වුණත් තිබ්බා. ඒත් විභාගෙට ඒ කිසි දෙයක් නෑ. කොරෝනා ඉවරවෙලා අවුරුදු දෙකයි. සුසිල් ඔයා පොලේ ගියපු එකයි එහාටයි මෙහෙටයි පැනපු එකයි හැර ඊළඟ ව්‍යසනයට සූදානම් වුණාද?