(අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීම සඳහා 2024 වසරේ සිට එම ආයතන වලට සපුරාගත යුතු ඉලක්ක ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එම ආයතන ආදායම් උපයාගත යුතු ප්‍රමාණය ඇතුළු ඉලක්ක මේ අනුව ලබාදීමට නියමිතය.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ඉහත ආයතන හරියාකාරව කටයුතු කර නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද රජයට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාල ආයතන රාජ්‍ය ආදායම උත්පාදනයේදී දුර්වලතාවයක් පෙන්නුම් කරන බව රජයේ නිරීක්ෂණයට ද ලක්ව ඇත.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ අතරින් දුර්වලම ආයතනය බවද නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝග අනුව අදාල ආයතන 2024 වසරේ සිට රජය දෙන ඉලක්ක වලට වැඩ කටයුතු කළ යුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.