(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සභාවේ ඇතිවූ උණුසුම් තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු මුලසුනේ සිටි අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා විසින් අද (6) පෙරවරුවේ විනාඩි දහයකට කල් තබනු ලැබීය.
මෙම උණුසුම් තත්වය ඇතිවූයේ සේවක අර්ථසාධක අරමුදලට 2022 වසරේ ගෙවා ඇති ප්‍රතිශත පිළිබඳව ඇතිවූ සංවාදයක් හේතුවෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය මෙයට පෙ පෙර යොමු කර තිබූ අතර ආණ්ඩු පක්ෂය එම ප්‍රශ්නයට උත්තර දීම නැවත වරක් කල් ඉල්ලීමෙන් මෙම සංවාදය ඇතිවිය.
ඊළඟ වාරයේදී මේ ගැන සවිස්තර පිළිතුරක් ලබාදීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය
මෙහිදී අදහස් දැක්වූ දක්වන්න කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.
පොලී අනුපාතය මේ පාර්ලිමේන්තුවට දෙන්න. බැරිද. මේක හංගනවානේ. මේ දත්ත නන්දලාල්ට කෝල් කරල දැන් අහගන්න පුළුවන්. එතුමා තමයි මේ සැලැස්ම ඉදිරිපත් කළේ. පාර්ලිමේන්තු වල ස්ථාවර නියෝග වගේම යුක්ති යුක්තිසහගත භාවයක් තියෙන්න ඕන. මාස දෙකක් ගිහිල්ලා තවත් සති දෙකක් මේ ප්‍රශ්නෙට ඉල්ලීම යුක්ති සහගතද. සාධාරණද. අද හවස ඇවිල්ල මේ පාර්ලිමේන්තුවට තොරතුරු කියන්න.
අංගජාන් රාමනාදන් මහතා : ( මුලසුන)
මම මේක කතානායකතුමාට යොමු කරන්නම්.
අනුර දිසානායක මහතා:
කොහෙද කතානායක ඉන්නේ. සතියක් දෙකක් තිස්ස දැක්කෙ නෑ. කොහෙද ඉන්නේ. පාර්ලිමේන්තුව තියෙනවා නම් එයා ඉන්න ඕන මෙතන. රට යන්න වෙන දවසක් යොදාගන්න ඕන
විනාඩි දහයකින් පසු සභාවේ කටයුතු නැවත ආරම්භ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව තියෙනවා, මන්ත්‍රීවරු එනවා යනවා, එසේ වුවත් ඔවුන්ගේ පුද්ගලික කාරණා කතාකිරීමට අවස්ථාව යොදාගත්තද? රටේ මහජන ගැටළු පිළිබඳව කතා කරන්න කිසිවකු නැත.
කාලා තෙලේ වැඩිවුණාම මොනවා හරි කරන්න ඕනෑනේ. රටට පේන්න.
කාලකණ්ණි..!