(යොහාන් භාසුර)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය මඟින් නිර්මාණය කළ වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් අද (6) පිරිනැමීය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම යන්ත්‍රය පිරිනැමීය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ක්‍රියාත්මක කළ නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතිය සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය සෞඛ්‍ය අමාත්‍යංශය දුන් බවත් මෙම යන්ත්‍රය මඟින් එකවර රෝගීන් 15 ක් සඳහා ප්‍රතිකාර ලබාදිය හැකි අතර එය රෝගින් 25 ක් දක්වා පුළුල් කළ හැකි බවත් නාවික හමුදාව කීය.

මෙම අවස්ථාව සඳහා නාවික සමාජීය මෙහෙවර ව්‍යෘපෘතියේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක කමාණ්ඩර් බුද්ධික රන්දිමාල් ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.