(අංජුල මහික වීරරත්න)
පුද්ගල දත්ත ආරක්ෂා කිරිමේ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා තිබේ.
ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ තාක්ෂණික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.
ඒ අනුව පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ සභාපති ලෙස අර්ජුන හේරත් මහතා ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ජනනාත් ප්‍රනාන්දු, සුලක්ෂණ ජයවර්ධන, සෞම්‍ය අමරසේකර, ෂෙහාන් විජේතිලක, බිසර සෙනවිරත්න හා නිෂිත් අබේසූරිය පත් කර තිබේ.
පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ පනත 2022 වර්ෂයේ මුල භාගයේ සම්මත වුවද වසරකට වැඩි කාලයක් ගත වුවත් එය ක්‍රියාත්මක නොවීම නිසා මෙලෙස සභාපතිවරයකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
මෙම පනත මගින් පුද්ගල දත්ත සුරක්ෂිත කරන අතර පුද්ගල දත්ත වැරදි ලෙස පරිහරණය කරන අයට දැඩුවම් පැමිණවීමේ බලය ද මෙම පනත යටතේ පිහහිටුවන පුද්ගල දත්ත ආරක්ෂණ අධිකාරියට හිමිවේ.
එම අධිකාරිය පිහිටුවීම ඊට අයත් කාර්ය මණ්ඩලය තීන්දු කිරීම හා කාර්යාලය පවත්වාගෙන යාම යන කාරණා මෙම කමිටුව මගින් සකස් කරනු ලැබේ.
මෙම අධිකාරියට අවශ්‍ය සහය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ මැදිහත්වීම මත එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය හා ලෝක බැංකුව එකතු වී ලබා දෙනු ලබයි .
මෙතෙක් දත්ත ආරක්ෂණ අධිකාරියක් නොමැතිවීම නිසා විදෙස් තොරතුරු තාක්ෂණ සමාගම් මෙරට ආයෝජනය කිරීමට අකමැත්ත පළ කර තිබූ අතර මෙම අධිකාරිය පිහිටුවීමෙන් පසුව එම බාධාව තුරන් වනු ඇතැයි රජය පවසයි.
ආයතන මගින් පෞද්ගලික දත්ත සකස් කිරීම හා භාවිත කිරීම සම්බන්ධයෙන් මෙම අධිකාරිය විසින් නිර්නායක ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනාධිපතිගේ තවත් අපේ සල්ලි කන වැඩක්. ඕවා කරන්න මීට වැඩිය ලේසි ක්‍රම තියෙනවා. ඕනම දියුණු රටක දත්ත ආරක්ෂණ කොමසාරිස් කෙනෙක් ඉන්නවා. ඒත් මෙතැන වෙන්නේ ලෝක බැංකු සල්ලි ටික පිල්ලි යන වැඩක් විතරයි. බලන්න තව අවුරුදු 2කින් විතර ඔය ආයතනයට මොකද වෙන්නේ කියලා... රනිල් කියන්නේ කතාකාරයෙක් විතරයි. ඡන්දයක්වත් තියාගන්න බැරි කෙනෙක්.
මේ කතාවේ අනික් පැත්ත තමයි අපි නුඹලාගේ තොරතුරු රහසිගතව එකතු කරන්න යනවා කියන එකයි...
මෙයා ටික ටික ජනතාවගේ දත්ත එකතු කරලා, විරුද්ධවාදීන් මර්ධනය කරලා ඒකාධිපතියෙක් වෙන්න වගේ යන්නේ...!