
(යොහාන් භාසුර)
මෙරට අළෙවි කරන සියලුම වර්ගවල පොල්තෙල්වල වර්ගය සහ මිල මුද්‍රිතව ප්‍රදර්ශනය අනිවාර්ය කළ බවත් පොල්තෙල් වර්ගය සහ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල්වලට මුද්‍රා තබන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙරට අළෙවි කරන ආනයනික සහ මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල ‘ඇල්ෆටොක්සින්’ නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පැමිණි ලැබෙන බව කී අමාත්‍යවරයා ප්‍රමිතියෙන් තොර පොල්තොල් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට බලය පවරා ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් මෙරටේ නිශ්පාදනය කරන හැම දේකම මොනවා හරි විස වර්ගයක් තියෙනවා... කියද්දී අපි කොහොමද අලුත් දෙයක් හදලා රටට සේවයක් කරන්නේ කියලා තේරුම් ගන්න බැහැ...!
පොල්තෙල්වල වර්ගය කියන්නේ? පොල්තෙල්, කුන්දිරා තෙල්, තැඹිලි තෙල්, කොප්පරා තෙල්... වගේද?
ඉස්සර නම් සෙක්කුව සහ ගොනා බ්‍රෑන්ඩ් එක යටතේ තමයි පොල්තෙල් හින්දේ. ඒවායේ නම් ඇල්ෆාටොක්සින් තිබුණාද? නැද්ද? කියලා කවුරුවත් හොයන්න ගියේත් නැහැ. පොල්තෙල්වලින් ටිකක් මුඩු ගඳ එනකොට, ඒවා බුදු පහන පත්තු කරන්න ගත්තා මිසක් එක්ස්පයරි ඩේට් එකක් තිබුනේත් නැහැ. පොල්තෙල් හිඳීමේ අතුරු ඵලයක් වන පොල් පුන්නක්කුත් හරකුන්ට දියකරලා දුන්නා. ඒ හා සමාන ප්‍රමාණයක් කඩ වලට එන ළමයින් කෑවා. ඕනෑම ළමයෙක් කඩේට ගියාම මුලින්ම කරන්නේ පුන්නක්කු ගෝනියෙන් කෑල්ලක් අරං කටේ දාගන්න එකයි. ඒවායින් නරකක් නපුරක් වුන බවක් නම් අහලා නැහැ...