(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
හමුදාවේ උසස් නිලධාරින් ගේ වාහන පාවිච්චිය ගැන කතා කළ තමාට ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) තර්ජන කළ බවත් මේ සිද්ධියෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඒ දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් ගාලු දිස්ත්‍රික් දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
තමා කතා කළේ ජනතාව වෙනුවෙන් බව පැවසූ මන්ත්‍රීවරයා ජනතාව වෙනුවෙන් කතා කිරීම නතර කළ හැක්කේ මරා දැමීමෙන් පමණක් බවද ප්‍රකාශ කළේය.
මිනිසුන් වෙනුවෙන් කතා කිරීම ඒ හෙන්චයියන්ට වැළැක්විය නොහැකි බවද ඔහු කීවේය.
වීරක්කොඩි මහතා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
චන්දිම වීරක්කොඩි මහතා මෙසේද පැවසීය.
හමුදාවේ ඉහළ නිලධාරීන් ගේ වාහන පාවිච්චිය ගැන මම කරපු ප්‍රකාශයක් ගැන ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා තර්ජනාත්මක ප්‍රතිචාරයක් දැක්වූවා. කමිටුව ඇතුළේ පාර්ලිමේන්තුව ඇතුළේ හැසුරුණේ චන්ඩි වගේ. මම ඇහුවා අතින් පයින් ද කියලා එතකොට කිව්වා එහෙමත් පුළුවන් කියලා. මෙයා සතෙක්ද රස්තියාදුකාරයෙක්ද ලේකම්වරයෙක්ද. හමුදාපති ආරක්ෂක ලේකම් මට දිගින් දිගටම තර්ජනාත්මකව කතා කළා. මේ සිද්ධියෙන් මගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවුණා. මේ පිළිබඳව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
මේ රටේ යුද හමුදාව අඩු කළ යුතුයි කියන කාරණය පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කළා.සොල්දාදුවන් අඩු කරනවට වඩා ඉහළ නිලධාරීන්ගේ අනවශ්‍ය නාස්ති කපා හරින්න කියලා මම එතනදි කිව්වා. ඇමැතිවරුන් පවා දැන් අනවශ්‍ය විදිහට නාස්ති කරන්නේ නැහැ. අපි ඒ ගෞරවය දෙනවා. නමුත් ආරක්ෂක ලේකම් ඇතුළු යුද හමුදා නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන මම කතා කරනවා. අපේ රට පත්වෙලා තියෙන තත්වය අපි දන්නවා. මිනිස්සුන්ට කන්න නෑ .මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. යුදහමුදාවෙ විශ්‍රාම ගිය බොහෝ දෙනකුට විශ්‍රාම වැටුප ලැබෙන්නෙ නෑ. නමුත් හමුදාපති ආරක්ෂක ලේකම් යන විදිය දැක්කම පුදුම හිතෙනවා. හමුදාපතිගෙන් නිල නිවසේ වත්ත හදන්න රුපියල් කෝටි අටක් මේ වෙලාවේ වැය කරනවා. මේ වගේ දේවල් නවත්තන්න. ආරක්ෂක ලේකම් සිවිල් ගුවන් සේවා අධිකාරියේ බෝඩ් එකේ ඉන්නවා . එයා එතනට යන්න කලින් පහළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇවිල්ල ඒ පරිශ්‍රය චෙක් කරනවාලු විශාල නැටුමක් නටනවලු. කාගේ සල්ලිද මේ. අපි මේවා නවත්තන්න කිව්වම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ තර්ජනාත්මකව කතා කරනවා.
අපි නිදහස් චතුරස්‍රයට ඇවිදින්න යනවා. ආරක්ෂක ලේකම් උදේට ඇවිදින්න යනකොට ඔබතුමා දකිනවා. ගෞරවනීය සොල්දාදුවන් දෙන්නෙක් බල්ලො ඉස්සරහින් අරගෙන යනවා. පස්සෙන් ජිප් එකක් යනවා තව වාහනයක් යනවා. කාගේ සල්ලිද මේ. මිනිස්සු බනින්නෙ 225ට. අපේ ගමේ පන්සලට ආවා. බද්දේගම. පන්සලට එන්න කලින් වෙනම කණ්ඩායමක් ආවා. සිය ගණනක්. හාමුදුරුවන්ට කන්න දී ගන්නවත් විදියක් නැති වුණා. මේ නිලධාරියෙක් කරන වැඩ. ආරක්ෂක වියදම් වෙන් කරන්නේ අපි අත උස්සලා.ඉතින් මෙහෙම කටයුතු කරන කොට අපේ රට බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද. යුද්ධ කරපු රණ විරුවන්ට අපි ඉහළින්ම ගරු කරනවා. නිලධාරීන් කිහිප දෙනකුට අනේකවිධ සැප විඳින්න අවසර දෙන්න ඕනද. රට වෙනුවෙන් කතා කරන මන්ත්‍රීවරයකුට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තර්ජනය කරන්න පුළුවන් නම් ඔහුට විරුද්ධව කටයුතු කළ යුතුයි. මම කතා කළේ ජනතාව වෙනුවෙන්. අපේ කටවල් වහන්න පුළුවන් වෙන්නේ මරලා විතරයි. මිනිසුන් වෙනුවෙන් කතා කරන එක ඔය හෙන්චයියන්ට වළක්වන්න බැහැ.
ජාතික ජන බලවේගයේ පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා;
මේක බරපතළ කාරණයක්. ඒත් පටි ගතවුණු දේවල් වහාම පරික්ෂාවට ලක් කරන්න. ඒ වගේම ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක ලේකම් බයම නම තමයි "ඉසිප්රියා" කියන්නේ... ඔහු ඉසිප්රියාට කරපු දේවල් විදේශ මාධ්‍යයන් පමණක් නොව විදේශීය රටවල් පවා හොඳට දන්නවා. මිනිහාගේ වැඩකිඩ, චණ්ඩිපාට් ඔක්කෝම අහිංසක ගැහැණුන්ටයි, ඉස්කෝලේ යන පොඩි ළමයින්ටයි විතරයි." බල්ලන්ට පුටුවට නගින්න දෙන්න එපා..." කියලා අපේ පැරණි අය කියන්නේ එහි තේරුම දන්නා නිසා. ඔබ ඔබේ බල්ලාට ගෙදර පුටුවට නැගලා සිටින්නට දවසක් ඉඩ දුන්නොත්.. ඊළඟ දවසේ ඔබට ඌව පුටුවෙන් බිමට බස්සවන්න ලෙහෙසි නැහැ. හපාකන්න උත්සාහ කරනවා. සියලුම වර්ගයේ "බල්ලන්ගෙන්" ප්‍රවේශම් වෙන්න..!!
එහෙම වුණා නම්, ඒක හරිම කැත සිද්ධියක්...!
ඔය ආරක්ෂක ලේකම්ලා හරියන්නේ නැහැ. බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනීමැරීමක් සම්බන්ධ විමර්ශන යට ගැස්සුවා...
"ජනතාව වෙනුවෙන් කතා කිරීම නතරකළ හැක්කේ මරා දැමීමෙන් පමණක් බවද ප්‍රකාශ කළේය"... මෙහෙමත් විහිළු සපයනවනේ...!
මිස්ටර් චන්දිම, බල්ලන්ගෙන් පරිස්සම් වෙන්න.
එක එකාගෙන් ලකුණු ගන්න පොත් ලිය ලියා මේ කාලකණ්ණි මේක තමයි මේක කරන්නේ. හැම ලොක්කාටම හොඳට අල්ලලා අපේ සල්ලිවලින් සුර සැප විඳිනවා.
රටේ මිනිස්සු නොමරා මැරෙනවා... මෙයාලා යුද්ධය විකුණ විකුණා සැප විඳිනවා. දැන් ඔය මදැයි වසර 14ක් වුණා. ඉස්කොල ළමයි, ගෙනියන්න, බල්ලො නාවන්න, බිරිඳ රැකියාවට ෂොපිං යන්න රටේ සල්ලි කන්න එපා. ජනතාව හෙන ඉල්ලන බව දැනගන්න.
චන්දිම මහතා කියන දේට 100%ක් එකඟයි. කොළඹ ප්‍රධාන පාසැලක් අසලට ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගිහින් බැලුවා නම් ළමයි ගෙනියන්න ඇවිල්ලා ඉන්න හමුදාවේ වාහන කීයක් තියෙනවාද කියලා බලන්න පුළුවන්.. යුද්ධයක් නැති කාලෙක හමුදා නිලධාරීන්ට වාහන දෙකක්, ඩ්‍රයිවර්ලා දෙන්නෙක් දීමේ අවශ්‍යතාවය කුමක්ද? හොයලා බලන්න ඔය වාහන වලින් 90% ක්ම හමුදා නිලධාරියාගේ බිරිඳගේ නමින් අරන් හමුදාවට රෙන්ට් එකට දාලා තමන්ම පාවිච්චි කරනවා. වාහනෙත් තියෙනවා රෙන්ට් එකකුත් හම්බ වෙනවා. හමුදාවේ දූෂණ සොයා බැලුවොත් දේශපාලකයෝ වගේම තමයි. මේ මාතෘකාව මතු කලාට චන්දිමට ස්තුති වන්ත වියයුතුයි...
මන්ත්‍රී ගොල්ලන් දැන් අනවශ්‍ය වියදම් කරන්නේ නෑ කියන්නේ... ඉස්සර කළා කියන එකනේ...
බලන්න මාලබේ, අතුරුගිරිය, කඩුවෙල, බත්තරමුල්ල අවට යන වාහන වලින් 40% විතර හමුදා වාහන... ඒ මදිවට හමුදා මූලස්ථානය ඉදිරියේ විදුලි සඤ්ඤා දාලා. උදේට අනවශ්‍ය පෝලිම්. මෙවර අයවැයෙන් කෝටි 40000 වැඩිම ආරක්ෂාවට. තේරෙනවා නේද ඉදිරියට කරන්න හදන දේ?
ලබන අයවැය මගිනුත් වැඩිම මුදලක් ආරක්ෂක වියදම් කියලා කියන්නේ මොනවා කරන්නද? මේ මුදල් වලින් බොහෝමයක් කොන්ක්‍රීට් ඉදිකිරීම් සඳහා යනවා කියලා කඳවුරු අසලින් යනවිට පේනවා.. සංස්ථා හා මණ්ඩල වගේ මේවායේ වියදම් ප්‍රසිද්ධ කරන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි.. චන්දිම කියන දේ ජනතාවගේ අදහස් වලට එකඟයි..!
යුද්ධයකට පසු රටක ආරක්ෂක වියදම් අවම කර ගැනීමට හමුදාවට නව බඳවාගැනීම් නොකර සාමාජික ප්‍රමාණය අඩුකර ගත යුතුයි. මෙහෙ ඒක කරන්නේ නැහැ. ලොකුඅයගේ රෑන්ක් ගාන වැඩිකරගන්න ඕනේ නිසා... අපේ රටේ රාජ්‍ය වියදමෙන් 50%ක් යන්නේ හමුදාවට පඩි ගෙවන්න. ඉතින් කොහොමද රටක් ගොඩ යන්නේ? සාමාජික ප්‍රමාණය සලකා බැලුවොත් අපේ හමුදාව බ්‍රිතාන්‍ය හමුදාවටත් වඩා ලොකුයි. යුද්ධයක් නැතිව ඇයි මේ තරම් විශාල හමුදාවක් නඩත්තු කරන්නේ? ලෝකයේ ඕනෑම රටක කරන්නේ යුද්ධය ඉවර වූ පසු හමුදාව අඩුකරලා බුද්ධි අංශ ශක්තිමත් කරන එක.. එතකොට ත්‍රස්තවාදී නැවත හිස ඔසවනවා නම් කලින් දැනගන්න පුළුවන්... මෙහෙ ඒකෙ අනිත් පැත්ත යුද්ධයෙන් පස්සේ බුද්ධි අංශ නැත්තටම නැති වෙලා. කන්ජිපානි ඉම්රාන් රටින් පැන්නා කියන එකත් ඉන්දියාවෙන් කියනකම් අපේ බුද්ධි අංශ දන්නේ නැහැ...