(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර, කුබිච්චන්කුලම වැවේ මසුන් දහස් ගානක්  හිටි හැටියේම මිය ගොස් වැව්බැම්ම ආසන්නයේ ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

කුබිචන්කුලමවැවේ ඇවිදින මං තිරැවේ ව්‍යාම කිරිම සදහා  පැමිණි අසල්වාසි පිරිසකට වැව ආසන්නයෙන් දුගදක් හැමිම නිසා ඒ පිලිබදව පරික්ෂා කිරිමේදි වැව් බැම්ම ආසන්නයේ මිය ගොස් සිටි මෙම මසුන් දක්නට ලැබි තිබුණි.

ජලජිවි වගා අධිකාරිය විසින් මිට වසරකට පමණ පෙර කුබ්චන්කුලම වැවට විවිධ වර්ගයේ මසුන් පැටව් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් මුදා හැර තිබුණි.

එම මසුන් අතරින් හොදින් වැඩුන ඉස්සන්,පොකිරිස්සන්,තිලාපියෝ වර්ගයේ මසුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් වැවේ දිය රැලි සමග වැව් බැම්බ ආසන්නයට පාවි ගොඩ ගැසි තිබුණි.