(කේෂර ගුණතිලක)
බිබිල කුඩාකිවුල බදුල්ලගම්මන ප්‍රදේශයේ අනවසර මැණික් පතලක කැණීම්කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මියගොස් ඇතැයි බිබිල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචි ආර්.එම් සමන් ප්‍රේමතිලක (48) නැමති අයෙකි.
පස්කණ්ඩියට යටවී සිටි ඔහු සිද්ධියවූ ස්ථානයේදීම මියගොස් සිටි අතර මෘතදේහය ගොඩගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය බිබිල මූලික රෝහලට රැගෙනගොස් ඇත.
බිබිල පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd