
(අංජුල මහික වීරරත්න)
අභියෝග හමුවේ රට හැර යනවා ද? නැද්ද? යන කාරණය තීරණය කළ යුත්තේ උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත විසින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදාගෙන තරඟකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවද ජනාධිපතිවරයා කීය.
ඉදිරි වසර පහ ඇතුලත ලෝකයේ බොහෝ වෙනස්කම් සිදු විය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බව සඳහන් කළ ජනාධිපතිවරයා සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීහු 246 දෙනෙක් මෙහිදී උපාධිය ලබා ගත්හ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්බා හොරුන්ට ආවඩමින්, හොරු සමග එකට වැඩ කරමින්, උගත් ඔබ, හොර කල්ලියට සේවය කරමින්, ඔබගේ පොකට් එකට ගානක් දාගෙන, උගත් මුර්ගයෙක් ලෙස මේ ලංකාවේම ජීවත් වෙනවාද, එහෙම නැත්නම් අඩුතරමේ ඉන්දියාවටවත් පැනගෙන උගත් වැදගත් මනුස්සයෙක් ලෙස සේවය කරමින් ජීවත් වෙනවාද යන්න ඔබම තීරණය කල යුතුයි...අනික ඔබ සැමදෙනාම පිනට උසස් අධ්‍යාපනය ලබාගත් වුවන් නොවෙයි. ඒ නිසා දෙමව්පියන් වැයකළ මුදලට සාධාරණයක් ඉටුකරන්න. එයට භුමිය හෝ ජාතිය අදාළ නැත....
මුගේ අතින් උපාධිය ගන්නේ නැතුව මග ඇරලා යන්න කොන්දක් තියන එකෙක්වත් ඔතන හිටියේ නැති එකයි පුදුමේ
ජනාධිපතිතුමා නිවැරදියි, මුළු ලෝකයම වෙනස් වෙමින් පවතින අතර බලය ආසියාව සහ මැදපෙරදිග දෙසට නැඹුරු වේ.
ඉදිරි මැතිවරණයෙන් පසුව තීරණය කරනවා.
රටේ බුද්දිමත් පිරිස රට හැර යනවනම් ඒ රටේ පාලකයගේ කෙරුවාව හිතගන්න පුළුවන් , පින්පති තුමාම ස්වයං විග්‍රහයක් කරගත්තනම් හොඳයි ඔක්කොටම කලින්
මොන අභියෝග ආවත් ඒව විඳගෙන අපි නම් මේ රටේ ඉන්නවා සර්, මොකද අපිට යන්න වෙන රටක් නැහැ නොවැ...
ජනතාවගේ බදූ මුදලින් නොමිලේ උසස් අද්‍යාපනය දෙන්න එපා. මගෙන් අයකර ගන්න බදු මුදල තවත් කෙනෙකුට උසස් අධ්‍යාපනය දීමට වැය කරනවාට මම විරුද්ධයි. පිං අද්‍යාපනය ලබා රට හැර යාම නිසානේ හිත් අමාරුව...!