
(විමුක්ති එස් රුද්‍රිගු)
අලුත් දෙයක් අත්හදා බැලීමට වයස ප්‍රශ්නයක් නොවන බව ලොවට පෙන්වා දෙමින් වයස අවුරුදු 104 ක ආච්චි අම්මා කෙනෙක් අඩි 13500 ඉහළ අහසේ සිට පැරෂුටයක් ආධාරයෙන් පහළට පැන ඇත.
අවුරුදු 104 ක් වයසැති ඩොරති හොෆ්නර් නැමැති මෙම කාන්තාව ස්කයි ඩයිවින්ග් උපදේශකවරයෙකු සමඟ එක්ව මෙම වික්‍රමය සිදු කොට තිබේ.
ඇය මෙම වික්‍රමය සිදුකර ඇත්තේ ස්කයි ඩයිවින්ග් ක්‍රීඩාවේ නිරත වූ වයස්ගතම කාන්තාව වෙමින් ලෝක වාර්තාවක් තැබීමේ අදහසින්ය.වයස ඉලක්කමක් පමණයි ඩොරති හොෆ්නර් චිකාගෝ ට්‍රිබියුන් පුවත්පතට පවසා තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔටාවා නගරයේදී තම අත්වාරුව ඉවත දමා ස්කයි ඩයිවින්ග් ක්‍රීඩාවේ නිරත වීම සඳහා ඩොරති ගුවන් යානයට ගොඩවී ඇත.හොෆ්නර් ප්‍රථම වතාවට ස්කයි ඩයිවින්ග් ක්‍රීඩාවේ නිරත වී ඇත්තේ වයස අවුරුදු 100 දී වන අතර එම අවස්ථාවේදී ඇයව ගුවන් යානයෙන් එළියට තල්ලු කිරීමට සිදුව තිබේ.නමුත් මෙවර ඇය සිය කැමැත්තෙන් ස්කයි ඩයිවින්ග් උපදේශකවරයා සමඟ එකතු වී අඩි 13500ක් ඉහළ අහසේ සිට පහළට පැන ඇත.
ගුවන් යානයෙන් පැනීමෙන් අනතුරුව පොළොවට පැමිණීම සඳහා ඇයට විනාඩි 7 ක කාලයක් ගත වී තිබේ. ඇයට එම ලෝක වාර්තාව ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳව ගිනස් ලෝක වාර්තාව මෙතෙක් තීරණය කර නොමැත.
සිය උපදේශකවරයා සමඟ පැයට සැතපුම් 120 ක වේගයෙන් ඩොරති පොළොවට පැමිණ ඇත. නැරඹීමට පැමිණ සිටි පිරිසගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඩොරති පැරෂුටය ආධාරයෙන් පොළොවට පතිත වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd