(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)
දඹගොල්ල වැවේ ප්‍රතිසංස්කරණය කිරිමේ නිරතව සිටි සේවකයන් පිරිසකට එල්ල වු බබර ප්‍රහාරයකින් බර වාහන ක්‍රියාකරැවෙකු අද (05)දින මිය ගොස් ඇතැයි දිවුල්වැව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වැලිගොල්ල,ගෙලිඹය ප්‍රදේශයේ පදිංචිව සිටි අබේසිංහ මුදියන්සේලාගේ ජනක දර්ශණප්‍රිය(43)නැමති බරවාහන ක්‍රියාකරැවෙකි.
දඹගොල්ලවැවේ ප්‍රතිසංස්කරණය කිරිමේ නිරතවු පුද්ගලික කොන්ත්‍රාත් ආයතනයක කම්කරැවන් එකළොස් දෙනෙකු මෙම බබර ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
එම බබර ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබු පුද්ගලයන් සිවු දෙනෙකු කහටගස්දගලිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව ඉන් දැඩි ලෙස රෝගාතුරව සිටි පුද්ගලයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදි අතරමග මියගිය බව පොලිසිය පැවසිය.
මෙම පුද්ගලයා දියවැඩියා රෝගියෙකු බවද පොලිසිය පැවසිය. වැව ප්‍රතිසංස්කරණය කරමින් සිටියදි බරවාහනයක් වැව් පිටියේ තිබු ගසක ගැටිමෙන් එහි තිබු බබර කුඩයක් ඇවිස්සිමෙන් මෙම බබර ප්‍රහාරය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd