(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පූනරින් තම්බි රායි මාර්ගයේ බස් නැවතුමක සිටි කාන්තාවක මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු  පැහැරගෙන ගොස් ඇය සතුව තිබූ රන් මාලයක් කරාබු ජෝඩුවක්,රන් වළලු දෙකක් සහ මුදල් පැහැරගෙන එම කාන්තාව මාර්ගයේ අතහැර දමා පලා ගොස් ඇතැයි පුනරින් පොලීසිය පවසයි.

කාන්තාව සතුව තිබියදී පැහැරගෙන ගිය දේපොළවල  වටිනාකම රුපියල්745,000 වන බව ඇය කළ පැමිණිල්ලේ සඳහන් කළ ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම කාන්තාව පැහැරගෙන ගොස් ඇය සතු දේපළ කොල්ල කෑ පුද්ගලයන් තිදෙනා ගැන තවම තොරතුරු හෙළිවී නොමැත.