
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුපුරයේ දී අද 6 අලුයම පහට පමණ පෞද්ගලික මගී බස් රථයක්, බවුසරයක් හා කන්ටේනරයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 20ක පමණ පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .
අම්පාර සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයක් මෙසේ අනතුරට ලක් වී ඇත. බස් රථයට ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක් බසයේ බදේ ගැටෙන අවස්ථාවේ පිටුපසින් ගමන් කළ බවුසරයක් ද බස් රථයේ පිටුපස ගැටී ඇතැයි හෙළි වී ඇත.
තුවාල ලත් මගීන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත .
මෙම අනතුර නිසා කොළඹ මහනුවර මහා මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා පැමිණ තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං මේ වාහනවල රියැදුරන්ගේ තාත්තලා මොනවා කරන අයද? වෛද්‍යවරයක්ගේ සම්බන්ධයක් ඇත්තේම නැද්ද? අර කලිං අනතුරේදී වගේ සම්බන්ධයක් හදන්න විදිහක් ඇත්තේම නැද්ද? අඩුගානේ වෛද්‍යවරයෙක්ව අඳුරන්නේවත් නැද්ද?