
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
ගුරු දිනය සැමරීමට ඌරාපොල ප්‍රදේශයේ විදුහලක පැවති උත්සවයක්දී කේක් ආහාරයට ගෙන මුහුණේ කේක් තවරා ගනිමින් විනෝද වූ 7 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නව දෙනෙකු කිසියම් ආසාද්මික තාවයකට ලක්වීම හේතුවෙන් අද (06) දහවල් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ගුරු දිනය නිමිත්තෙන් පාසලට කේක් ගෙනවිත් ගුරුවරුන්ට ද පිළිගන්වා පසුව ලමුන් ද කේක් අනුභව කර ඇත. පසුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් එකිනෙකා අතර කේක් මුහුණේ සහ ඇගෙහි තවරා ගනිමින් විනෝද වෙමින් සිට ඇත.
.එම අවස්ථාවේ ඇතිවූ ආසාත්මික තාවක් හේතුවෙන් දරුවන්ව රෝහලට ඇතුළත් කර ඇත. සිසු පිරිස අසාත්මිකතාවයට ලක්වූයේ කේක් ආහාරයට ගැනීම නිසා ද නැතහොත් ඔවුන් විනෝදය සඳහා කේක් මුහුණේ තවරා ගැනීමේදී ඇති වූ වෙනත් හේතුවකින් ද යන්න හෙළි වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම හොඳයි. කේක් නාන්න ගියාම ඔහොම වෙන්න ඕනෑ. ළඟදී ඉඳන් මේ රටේ ළමයි නටනවා වැඩියි. වැරැද්ද ගුරුවරුන්ගේ. අපේ ගුරුවරු අපට ඔහොම නටන්න දුන්නේ නෑ. එයින් අපිට හානියක් වෙලත් නෑ. ඒ උතුමන්ට අද ගුරු දිනයේදී මම සිරස නමා ආචාර කරනවා...!
ගුරු දිනය සමරනවා කියලා කරපු විකාරවලින් ශිෂ්‍ය ජීවිත දෙකක් නැති වුණා. පාසල් පුරා ලෙක්සි බැනර්, සංග්‍රහ, අසරණ දෙමව්පියන්ගේ සල්ලි, වැඩක් නැති කටවුට් කියන්නේ විදෙස් විනිමය. නාස්තිකාර පරපුරක් බිහිකිරීම විතරයි මේවායේ ප්‍රතිඵල... රට හොඳ වෙච්චි දවසක ඕවාකරමු. තාම ණය නොගෙවන ණයට කන, යවනවාට වඩා ගෙන්වන රටක්...
ළමයි විනෝද වෙන එක නෙමේ වරද... කේක් වලට පුදුම විදිහට කෙමිකල් දානවා. කෑමට සුදුසු නැති වස විස දානවා ඒකයි වරද? මේවාට විරුද්ධ වෙන්න කවුරුත් නෑ... ඒකයි වැඩේ.