(අංජුල මහික වීරරත්න)

සමස්ත ගුරු පරපුරේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ට සමාජයේ ලබාදිය හැකි ඉහලම ඇගයීම හා ගෞරවය ලබාදීමට තමා ඇතුළු රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලෝක ගුරු දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

පවත්නා අභියෝගයන්ට නොසැලී මුහුණ දෙමින් මෙරට ගුරු පරපුර සාධනීය කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවද  විවිධ වූ දුෂ්කරතාවයන් මැද කාලය, ශ්‍රමය  සහ ධනය කැප කරමින්  දරු දැරියන්ගේ නැණ නුවණ පාදන්නට ඔවුන් සිදු කරන කාර්යයභාරයට  කෘතවේදී වන බවද ජනාධිපතිවරයා කීය.

දියුණු ලෝකය සමඟ තරඟ කළ හැකි දරු පරපුරක් ගොඩනැඟීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ රැසකට රජය මුලපුරා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.