(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක )

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී කාර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී පොලිස් කොස්තාපල්වරයා අද ( 6)අලුයම මියගිය බවරෝහල් පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කුරුඳුවත්ත පොලීසියේ රථවාහන අංශයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් මනෝජ් ප්‍රියංකර(19498)මහතාය.

මාරක අනතුර සම්බන්ධයෙන්, තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවකු වන 28 හැවිරිදි තරුණයකු කුරුඳුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට  ගත් මෙම සැකකාර තරුණයා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වූ පොලිස් රෝහලේ සේවය කළ වෛද්‍යවරයකුගේ පුතකු බව පොලිස් ආරංචි මාර්ග කියයි.