(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවසීය.
ප්‍රතිශතයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවට එම අගය ලැබෙන බව කී වික්‍රමරත්න මහතා විදේශ රැකියා ආයතන වලින් ලැබුණු දත්ත අනුව 2022 දී ලක්ෂ තුනකට වඩා රට අතහැර ගොස් තිබෙන බව කීය.
ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසීය.
රටේ ආර්ථික අර්බුදය, බදු බර වෘත්තිකයන් මත පැටවීම නිසා වෘත්තිකයන් රට හැර යමින් සිටින අතර මේ හේතුව නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය දිනපතා ගැටළු වලට මුහුණ පාන බවත් පාලකයන් මේ ගැන උදාසීන බවක් පළ කිරීම නිසා ගැටළු තවත් තීව්‍ර කෙරෙන බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපන්දා ඉඳන්ම සුද්දගේ රටට කෙල ගිලගිල හිටපු මිනිසුන් කොහොමත් මව්බිම දාලා යනවා. ඔවුන් මෙරට හිටියත් රටට ආදරයක් නෑ. රැකියාවට ගිහින් රටට සල්ලි එවන රටට ආදරය කරන මිනිසුන් මේ ගොඩට දමන්න බෑ...
කිරිපුතේ, ඔයාට නියම නම දාලා තියෙන්නේ... අනේ බන්... මේකෙ කවුද රටට ආදරේ? ඔයාද? නිකන් යන්න...! ඔබට වීසා ගන්න බැරිව ඇති... නැතිනම් ඔයත් ගිහින්...
අනේ කිරිපුතේ, ඔයාගේ නමත් ග්‍රීන් කාඩ් ඇප්ලයි කරපු ලිසිට් එකේ තිබුණා..!
ඉතින් මොකක්ද කරන්න කියන්නේ...? නොමිලේ උසස් අධ්‍යාපනය දෙන්න එපා. ඒ දුන්නු නිසා නේද හිතට අමාරු...? නීතිඥයින් බිහි කිරීමට ජනතාවගේ බදූ මුදල් වැය කිරීමෙන් ජනතාවට සෙතක් තිබෙනවද?
එතුමාට වුණා වගේ ඇති... ඉස්සර ඔහොම ගියේ මැති ඇමැතිවරුන්ගේ පවුල්වල ළමයිනුයි, ලොකු ලොක්කන්ගේ ළමයිනුයි විතරයිනේ. දැන් මේ ගමේ කොල්ලො කෙල්ලෝ යන එක ඇහේ කටු අනිනවා වගේ නේද?