(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොත්තු රොටී  හදනවා වගේ ආර්ථිකය හදා බුද්ධි ගලනය නතර කරන්නට හැකියාවක් නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වර්තමානයේ බුද්ධිගලනය ගෝලීය ප්‍රවණතාවයක් බවට පත්ව ඇති බව කී අමාත්‍යවරයා ඇමරිකාව, එංගලන්තය  ඉන්දියාවේ පවා බුද්ධි ගලනය සිදු වෙමින් පවතින බව කීය.

බුද්ධි ගලනය  ලංකාවේ පමණක් සිදුවන දෙයක් බවට ඒත්තු ගැන්වීමට විපක්ෂය උත්සාහ දරන බවත් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙවැනි දේ නොකියන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන්  රට හැර යාමේ  ප්‍රවණතාවය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.