
(අංජුල මහික වීරරත්න)
ආර්ථිකය සංකෝචනය වීම අවම කිරීමට පියවර ගැනීමත් සමග 2024 වසරේදී 1.8% හෝ 1.9% ක ධන ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීමට හැකි වනු ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
පසුගිය සමයේ රජය විසින් ගනු ලැබූ නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වී උද්ධමනය තනි ඉලක්කමකට ගෙනවිත් තිබෙන බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙම වසරේ අවසන් කාර්තුවෙන් පසු මෙරට ආර්ථික සංකෝචනය අඩු වී 2024 වසරේදී ධන ආර්ථිකයකට යොමු වීම හැකියාවක් තිබෙන නමුත් ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ගේ හා පිස්සන්ගේ ලෝකයේද ?
මේ වගේ වංචනික අපරාධ කාරයෝ කියන කතා විශ්වාස කරන්න ලංකාවේ කවුරුවත් ඉන්නවද ?
මුන්ගේ සංවර්ධනය අද නෙවෙයි හෙට .හෙටත් මොකක් හරි බයිලාවක් ගහගෙන එයි .චන්දෙකුත් එනවනේ ඊටපස්සේ කියයි අපි සංවර්ධනය කඩාකප්පල් කලා කියල .මුන්ට ගහල එලවන්න ඕනේ පර හැත්ත
ගත් පියවර? සංචාරකයෝ එනවා විදේශ ශ්‍රමිකයෝ සල්ලි එවනවා