
(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150 කින් ඉහළ දැමූ බවත් රුපියල් 3,835 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල රුපියල් 3,985 ක් දක්වා ඉහළ ගිය බවත් ලාෆ් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලාෆ් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 60 කින් ඉහළ දැමූ බවත් රුපියල් 1,535 ක්ව පැවැති එහි නව මිල 1,595 ක් බවට පත්වූ බවත් නිරෝෂන් ජේ. පීරිස් මහතා කීය.
මෙම නව මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් ලංකාව ගේන්න යන නැවි ප්‍රවාහන වියදම් පවා දරාගෙන ලිට්රෝ ලාෆ්ට වඩා අඩුවට දෙද්දී මේ ලාෆ් කොම්පැනියට අයිති ගෑස් ප්‍රවාහනය කරනා නැව් තුනක් තිබිලත් අඩුවට නොදි අපිව හූරාකනවා... සක්‍රයා