(රන්ජන් කටුගම්පොළ)
මේ වන විට අධිකරණය මග හැර සිටීන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආගමික මතවාදයන් ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසයක් සිදු කර ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කොට ඇති රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීය.
මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා,පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා කියා සිටියේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැති තැන බරපතළ වරදක් සිදුකර ඇති බවත් මීට පෙර දේවගැතිවරයා විසින් මෙවැනිම ආකාරයේ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර යලිත් ඉල්ලා අස්කරගෙන මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය.එමඟින් පෙනී යන්නේ දේවගැතිවරයා නීතිය අවභාවිතා කරමින් සිටින බවත්ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්බුද්ධ දර්ශනයට සහ අනෙකුත් ආගම්වලට අපහාස කර කෙඳිරි ගෑවාට ඒ පුද්ගලයාට ඩොලර් වලින් තෑගි ලැබෙන්නට ඇති.
අපිට තේරෙන සිංහලට අනුව නම් ඔය කියන ජෙරම් බුදුන් වහන්සේට, බුදු දහමට හෝ අන්‍ය ආගමකට කිසිදු අපහාසයක් කලේ නැහැ. ඔහුගේ දැනුම හා අවබෝධය මත බුදුන් වහන්සේ හා ජේසුස් වහන්සේ ගේ දර්ශනයන් සංසන්දනය කරමින් දේශනාවක් කළා... බුදුන් ගේ හා ජේසුස්ගේ දර්ශනයන් ගැන අවබෝධයෙන් සිටින අපි නම් මේ කොහෙවත් ඉන්න ජෙරම් වැන්නෙකුගේ විපරීත නාඩගම් හා ප්‍රකාශ මත කුලප්පු වෙන්නේ නැහැ....එලොවටත් නැතිව, මෙලොවටත් පලක් නැතිව ඉන්න පිරිසක් කුලප්පු වෙලා මේ මහපොළොව පෙරලන්න දඟලනවා.... ඔය බොරුවට නඩු කියන වෙලාවේ ගල්ගසා මරා දැමීමට, හෝ කුරුසියේ තබා ඇන ගැසුවා නම්, අපි ආගම දහම හොඳට අවබෝධ කරගෙන සිටින ජනතාවක් ලෙස. අර ශාස්තෘන් වහන්සේලාටත් ගෞරවයක් දෙන්න හැකි වෙනවානේ ...බලාගෙන ගියාම බොරුවට අපි විවිධ නම් තියන ආගම් ඇදහුවත්, දැන් අපි ඔක්කොමලා සැබෑ මුස්ලිම් බැතිමතුන්නේ..මොනා උනත් අර තවුහිත් ජමාද් නායක "අබ්දුල් රසීක්" බුදුන් වහන්සේට කොච්චර කරුණාව දැක්වූවාද..? අසලාමු අලික්කම්!! කාටද ආඩම්බර....?
අධිකරණය ගණන් නොගෙන සෝභිත සමාව දුන්නේ ජරාව අර ගෙන
බෞද්ධ දර්ශණයේ මූලික හරය වටහා ගත් අයෙක් නම් ඇත්තටම ඔය එක එක අය කියන දේවලට කලබල වෙන්න උවමනා නෑ. බුදුන්වහන්සේගේ කාලයෙත් මිත්‍යාමත වාදීන් මෙන්ම බුදු දහමට අපහාස කල අය සිටියා. නමුත් බුදුන්වහන්සේ ඔවුන්ව උසාවියට ඉදිරිපත් කලේ නෑනේ. ඔයිට වැඩිය හානියක් බෞද්ධයැයි කියාගන්නා ඇතැම් චීවර ධාරීන් සිදු කරනවා. කෝ එහෙනම් ඒවට නීතිය??
අපිට එක එකා ත්රුම් ගන්න විදි වැඩක් නැහැ නඩු තීන්දු ලැබෙන්නේ අධිකරණය තේරුම් ගන්න විදියටයි. තීන්දු උනොත් ජෙරොම්ට එයාගේ ආගමේ විදියටම කුරුසේ ඇනගහන්න. අපි අඩියක යකඩ ඇන සපයන්නම්.