( රොමේෂ් මධුෂංඛ)
යාපනය යාපනය චුන්නාකම් පොලිස් වසමේ උප්පුමඩම් මංසන්ධියේදී කාරයක දොරක යතුරුපැදිකරුවෙකු ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බවට පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි ලෝහරාසා ධර්මන් නැමති පෙදරේරුවෙකි.
යාපනය කන්කසන්තුරෙයි ප්‍රධාන මාර්ගයේ උප්පුකුලම් මංසන්ධියේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී නවතා තිබූ කාර් රථයක දොර එකවරම විවෘත්ත කිරීම හේතුවෙන් පිටුපසින් ධාවනය වූ යතුරුපැදියක් එම දොරේ ගැටීමෙන් යතුරුපැදිකරු අනතුරට පත්ව ඇත.
එහිදී යතුරුපැදිකරු බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර කාර්රථයේ රියදුරු පලායාමට උත්සහ ගැනීමේදී ප්‍රදේශවාසීන් විසින් රියදුරු අල්ලා පොලීසියට භාරදීමට පියවර ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහනවල කන ලඟින් යන අයට පාඩමක්. වාහනයක් නැවැත්තුවාම දොරක් අරිනවා කියලා හිතන්න ඕනෑ. කාර් කාරයත් දොර අරිනකොට සැලකිලිමත් විය යුතුයි.