(යොහාන් භාසුර)
ප්‍රවාහන රාජ්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ සහභාගිත්වයෙන් දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් දුම්රිය මුලස්ථානයේදී මේ වන විට පැවැත්වේ.
එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ නියාමකවරු හා නියාමක සංගමයේ නියෝජිතයන් පිරිසක් ද එම සාකච්ඡාවට සහභාගී වී සිටිති.
උප නියාමකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (5) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
අද පෙරවරුවේ අවලංගු වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික ආරවුල් සඳහා තම වෘතිය ඈඳාගෙන සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයට පත්කළ අයට දඬුවමක් නොදී සාකච්ඡා මගින් විසඳුම් දුන්නම ඔවුන් මේ සෙල්ලම නැවත නැවත කරයි.
අවසන් කරන්න ඕනේ නැහැ .නවත්තලාම දාපල්ලා
කාලකන්නි එක්ක මොන සාකච්ඡාද?
වැඩ වර්ජන රැකියාවක් කලාවක් ජීවිකාවක් ලෙස රට හදුන්වා දුන්නේ කාලකන්නි JEPPO (JVP ) ය ... දැන් රටම ඉන් වැනසී හමාරය