(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මේ රටේ රිලවුන්  මිලදී ගැනීමට  චීනයට අමතරව තවත් රටවල් ගණනාවකින් ඉල්ලීම් ඉදිරිපත්වී ඇතැයි  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (5)  පැවසීය.

රිලවුන් රට යැවීම  අධිකරණ ක්‍රියාමාර්ගයක්  හේතුවෙන් නතර වී ඇතැයි පැවසූ අමාත්‍යවරයා රිලවුන් රට යැවීමේ අදහස අතහැර නැතැයිද සඳහන් කළේය.

පරිසර සංවිධාන යැයි කියාගන්නා පිරිස් මෙම කටයුත්තට  විරුද්ධ වුවත් සාමාන්‍ය ජනතාව ඊට කැමති බවද  ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.