(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගය - 2023 ලබන වසරේ ජනවාරි මස 4 වැනිදා සිට 31 වැනිදා දක්වා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම විභාගය ලබන නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තිබුණ ද විවිධ පාර්ශවල ඉල්ලීම මත විභාගය කල්දැමීමට පියවර ගත්තේය.