
(නිමල කොඩිතුවක්කු)
පවතින කාලගුණය හේතුවෙන් කොළඹ, ගාල්ල, හම්බන්තොට, කලුතර, කෑගල්ල, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක 07 ක් සඳහා අද(4) පස්වරුවේ සිට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල ජනතාව සඳහා අද(4) පස්වරු 4.30සිට සිට හෙට(5) පස්වරු 4.30 දක්වා පැය 24 ක කාළයක් සඳහා එම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
මෙම දිස්ත්‍රික්ක සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බැවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසත් එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd