(යොහාන් භාසුර)

චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (4) පස්වරුවේ සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්තු 3:02.55 කින් තරගය අවසන් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.

අරුණ දර්ශන, කෞෂික කේෂාන්, රජිත රාජකරුණා සහ කාලිංග කුමාරගේ තරගයට සහභාගි වූහ.

එහි රන් පදක්කම ඉන්දියාව (මිනිත්තු 3:01.58) සහ රිදී පදක්කම කටාර් රාජ්‍යය (මිනිත්තු 3:02.05) දිනාගැනීමට සමත් විය.