(එස්. ඩී. කොඩිකාර සහ එන්.කේ.ඉන්ද්‍රවංශ)
අකුරැස්ස දියලපේ, තැන්නපිටහේන කන්ද නායයෑමත් සමග ඊට පහළ පදිංචි පවුල් 21 ක සාමාජිකයින් 73 කු ඉන් ඉවත් කර තාවකාලිකව ඔවුන් අකුරැස්ස දියලපේ කනිටු විදුහලේ පදිංචි කිරීමට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කේ.ජී.ඩී.අනෝජා මහත්මිය කටයුතු කළේය .
ඉන් අනතුරුව ඔවුන්ට අවශ්‍යය ආහාර ද්‍රව්‍ය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහයෝගයෙන් ලබාදීමටද කටයුතුද සිදු කර තිබුණි.
තැන්නපිටහේන කන්දේ ඉහළ කොටස නායගොස් තිබු අතර ඉන් කිසිවකුටත් හානි සිදු නොවූ බව අකුරැස්ස පොලිසිය කියයි.
පීඩාවට පත් අනෙකුත් ජනතාවට ද අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහ පොලීසියේ මැදිහත් වීමෙන් ආහාර ලබා දීමට කටයුතු කර තිබුණි .
මේ අවස්ථාවට අකුරැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.ජී.වයි.අරවින්ද , ආපදා කළමනාකරණ නිලධාරී සම්පත් ගමගේ මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
දියලපේ කන්ද නාය ගිය හැටි