(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වතුර බිල,විදුලි බිල, ගෑස් මිල වැඩිවී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටියත් ආණ්ඩුව ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට වගේ වගක් නැතුව ඔහේ බලාගෙන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
උද්ධමනය අඩු වී ඇතැයි ආණ්ඩුව සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දුන්නද එවැනි දෙයක් ජනතාවගේ ඇඟට බඩට කටට දැනී නැතැයි පැවසූ විපක්ෂනායකවරයා ජනතාවට ජීවත්වීමට නොහැකි අන්ත අමාරු පරිසරයක් නිර්මාණය වී ඇතැයිද ප්‍රකාශ කළේය.
ජනතාවට වහා සහන අවශ්‍ය බවද ඔහු කීවේය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ආණ්ඩුවේ දර්ශනය ආර්ථිකය පුළුල් කිරීම නොව ආර්ථිකය කුඩා කිරීමයි. අද ජනතාවගේ ආදායම් මාර්ග නැති වෙලා. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ. ජනතාවට වහා සහන අවශ්‍යයි.
රටේ මහ ලොකු කඩාවැටීමක් තියෙනවා. මේ මාස නවයට අලි 290 ක් නැති වෙලා. මහ පරිසර විනාශයක්. වනජීවි අමාත්‍යාංශයේ කුලිය ගෙවල නැහැ. විදුලි සෝපාන කඩා වැටිලා. ගෙවුණු පැය 48 තුළ පුද්ගල අතුරුදහන්වීම් එකොළහක් වාර්තා වෙනවා. බාල වයස්කාර 11 ක් ඊට ඇතුළත් වෙනවා. මේ රට කුඩු පාරාදීසයක් බවට පත්වෙලා. රජය ගාණක් නැතුව ඔහේ ඉන්නවා. ගෑස් මිල වැඩි කළේ හෘද සාක්ෂියට එකඟවද. ආර්ථිකය කුඩා කර ජනතාවගේ හිස මත බර පටවනවා. ආණ්ඩුව මීට වඩා සංවේදී විය යුතුයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැහැ කියලා ජනාධිපතිතුමා දැන් කියනවා. නමුත් එතුමාම තමයි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕන කිව්වේ. ජනාධිපති වුණාට පස්සේ ඒක වෙනස් වෙන්නේ කොහොමද. කාදිනල් තුමා සහ බිෂොප් සමුළුව අතර කිසිම පරස්පරයක් නැහැ. ආගමික නායකයන් අතර මතභේද ඇති කිරීම හොඳ වැඩක් නොවෙයි.
සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා
පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසම් සභා වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. පාස්කු ප්‍රහාරය අවාසනාවන්ත සිද්ධියක්. ජාත්‍යන්තර පරීක්ෂණයකට යනවයි කියන්නෙ අපි ජාත්‍යන්තරයට අහිතකර ආකාරයට නිරාවරණය වෙනවා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කඩිනම් කර ක්‍රියාත්මක කළ යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව විතරක් නොවේ. පණ නැති, වැඩකටත් නැති විපක්ෂ නායකයෙක් එක්ක විපක්ෂයකුත් ඉන්නවා බකම් නිලාගෙන...
කිව්වොත් මැටි මෝල් කතාවක්
කමක් නැහැ රාජපක්ෂලාට කඩේ යන බූරුවෝ තාමත් ජීවතුන් අතර ඉන්නවනේ