
(සජීවා කෝට්ටගොඩ)
අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මුදා හැරීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු පොලිසිය තුළ දීම අඩංගුවට ගත් බව මහව මුලස්ථාන මුලස්ථාන පොලිසිය කියයි.
මහව පොලිස් බල ප්‍රදේශයේ සංචාරයක නිරත වන අවස්ථාවේදී අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිළිණ මධුසංඛ මහතාට ලැබුණු තොරතුරකට අනුව මහව , මොරගොල්ල ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 3750 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මුදා ගැණීම වෙනුවෙන් මුදල් ලබා දීමට උත්සාහ කරන ඔහුගේ මිතුරාට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ අනුව මහව මූලස්ථාන පොලීසියේ ගරාජය ආසන්නයේදී උප පොලිස් පරීක්ෂක වරයාට රුපියල් පන්දහසක අල්ලසක් ලබාදීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැරි අතර අල්ලස් ලබාදීමට තැත්කළ සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිළිණ මධුසංඛ, උප පොලිස් පරීක්ෂක සුසිල් ප්‍රේමතිලක, පොලිස් සැරයන් ( 31254) අබේරත්න, පොලිස් සැරයන්(23819) සඳුන් පොලිස් සැරයන් (34462 )ලංකාතිලක,පොලිස් සැරයන්(55164) පණ්ඩිතරත්න,පොලිස් කොස්තාපල් (12334) යන අය වැඩිදුර විමර්ශන සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd