(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටට සෑම ඩොලරයක්ම වටිනා මොහොතක විදුලිය වාහන දෙමුහුන් වාහන එකලස් කරන සමාගමකට සම්පූර්ණ බදු සහන දුන්නේ කාගේ වුවමනාවට දැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) ප්‍රශ්න කළේය.
මේ බෙදන්නේ සාගලගේ යාලුවාට බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා හැම වෙලාවෙම එකතු වෙන්න කියන්නේ මේවාට දැයි ප්‍රශ්න කළ දිසානායක මහතා ආයෝජන මණ්ඩලයේ ගිවිසුම වෙනස් කර ශුන්‍ය බදු සහනදී ඇතැයිද චෝදනා කළේය.
අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසූවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.
ආණ්ඩුව ගජමිතුරු සමාගම්වලට බදු සහන දෙනවා. ආණ්ඩුව මීට කලිනුත් මේවා කළා . ප්‍රීමා සමාගමට බදු සහන දුන්නා. කවුද මේවා පිටිපස්සේ ඉන්නේ. මේ කැබිනට් පත්‍රිකාව ගැන කර්මාන්ත අමාත්‍යාංශය දරන ස්ථාවරය දැනගන්න කැමතියි.
මෙම සමාගමට බදු සහන දීමට විශේෂ වූ කරුණු කවරේද. ආර්ථිකය කඩා වැටිච්ච වෙලාවක රටට ලැබෙන සෑම ශතයක් ම වටිනවා සෑම ඩොලර් එකක්ම වටිනවා. තමන්ගේ හිතවතුන්ට බදු සහන දෙනවා. සීනි මෑන්ටත් ඔය සහන දුන්නා. දැනුත් ඕකම තමයි මේ කරන්නේ. බදු සහන දුන් කැබිනට් පත්‍රිකා දෙක මගෙ ළග තියෙනවා.
සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා
මේ ප්‍රශ්නයට හෙට පිළිතුරු දෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර රටට කෙල වෙලත් නරි නාටක ඉවර නෑ .කොච්චර කියුවත් වැඩක් නෑ සහෝදරයා .බලය ගත්තු දවසට කරලා පෙන්නපු
අරක හංගාගෙන මේකෙන් කෙලිනවා කියනවා වගේ වැඩක් මේක. වටින් ගොඩින් එන්නේ නැතුව කෙලින් කියනවාකෝ සීනි ඇතුළු බදු සහන ලබපු එවුන්ගේ නම් ටික. අපිට දැනගන්න.
ඔන්න රනිල් කෙරුවාව
හොරුසමග හෙලුවෙන්