(තිස්ස කොටින්කඩුව)

කදාන පොල්පිති මුකලාන  ව්‍යාපාරිකයකුට අයත් නිවෙසකට  යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවකු  පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් නිවෙසේ විදුරු ජනෙල් දෙකකට අලාභ හානි සිදුව ඇතත් කිසිම ජීවිත හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.

අදාල නිවසේ හිමිකරු තිදරු පියකු වු 38 හැවිරිදි ව්‍යාපාරිකයා පස් සහ යකඩ ද්‍රව්‍ය මිළදී ගැනීම හා විකිණීමේ ව්‍යාපාරයේ යෙදෙන ප්‍රසිද්ධ අයකු බව විමර්ශනයේදී හෙලිව ඇත.

මීට දින කීපයකට ඉහත තමන්හට විදේශ රටක සිට ජංගම දුරකතනයක් මාර්ගයෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනාත්මක පනිවිඩයක් ලද බවත් එය තම ව්‍යාපාරික මිතුරකු හරහා ලැබී තිබුණ බවත් විමර්ශනයේදී ඔහු විසින් සදහන් කල බව පොලිසිය පවසයි.

මේ අවස්ථාවේදී තමා එම ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කර සිටි බවද පැමිණිල්ල ඉදිරිපත් කරමින් ව්‍යාපාරිකයා වැඩිදුරටත් සදහන් කොට ඇති බවද පොලිසිය කියයි.