(රන්ජන් කටුගම්පොළ)
පසුගිය කොවිඩ් වසංගත සමයේදී නැගෙනහිර පළාතේ ගුරුවරුන්ගේ කපාගත් දිනක වැටුප නොවැම්බර් 30 වැනිදාට පෙර යළි ගෙවීමට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ විය.
මේ සම්බන්ධව පෙත්සමෙහි සමථය අනුව මෙම තීරණය ගැනින.ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කෙරින.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහන්පත් මහත්මිය ඇතුළු පිරිසක් ගොනු කරනු ලැබ ඇත.
පසුගිය කොවිඩ් සමයේදී නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ දිනක වැටුප කපා ගැනීමට තීරණය කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා ගුරු සංගමය විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා, කොතරම් ගල් ප්‍රහාර ලැබුනත් ඔබ ගුරුවරුන් වෙනුවෙන් කරනු ලබන මෙහෙයට අපගේ ප්‍රණාමය. ඒත් මම ගුරුවරයෙක් නම් නෙවෙයි.