(යොහාන් භාසුර)

දහතුන්වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අහමදාබාද්හිදී අද (5) පැවති තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 9 කින් එංගලන්තය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ.

එංගලන්ත පිල ඕවර 50 යෙදී කඩුලු 9 ට 282 (ජොනි බෙයාස්ටො 33, ජෝ රූට් 77, ජෝස් බට්ලර් 43, මැට් හෙන්රි 48/3) නවසීලන්ත පිල ඕවර 36.2 කදී කඩුලු 1 ට 283 (ඩෙවොන් කොන්වේ නොදැවී 152, රංචි රාවීන්ද නොදැවී 123)