(රන්ජන් කස්තුරි)
මෙර පුරාවිද්‍යා කේෂත්‍රයට අමිල මෙහෙවරක් කල පඬිවරු දෙදෙනකු වූ මහාචාර්ය සෙනරත් පරණ විතාන සහ ආචාර්ය සිරාන් දැරනියගල යන මහත්වරුන් වෙනුවෙන් කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද සමරු දේශනයක් පැවැත්විණි.
බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවිති එම වැඩසටහනට කීපදෙනකු පමණක් සහභාගී වි සිටි අතර ශ්‍රවණාගාරය පාළුවට ගොස් තිබූ අයුරු.
මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම එම වැඩසටහන සංවිධානය කර තිබූ අතර අමාත්‍යවරයා ද සුළු වේලාවකින් පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වෙන බව පවසමින් ඉන් පිටව යාම විශේෂත්වයකි
ඡායා ළහිරු හර්ෂණ
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යටගිය දවස මතු කළාට කළගුණ සලකති
චන්දන Thursday, 05 October 2023 05:44 PM
රටේ අනාගතයේ පැතිකඩක් තමා මේ පේන්නෙ.
විජේ Thursday, 05 October 2023 05:52 PM
ලැජ්ජයි වීදුරු වික්‍රමනායක, ඊට වඩා හොදයි සෙනරත් පරනවිතානයයි, ශිරාන් දැරනියගලටයි ...............
කිරිපුතා Thursday, 05 October 2023 06:00 PM
උත්සවය ගැන දැනුවත් කිරීමේ ගැටලුවක් විය හැකියි.
nimal Thursday, 05 October 2023 06:29 PM
පුරාවිද්‍යා කේෂත්‍රයට අමිල මෙහෙවරක් කල පඬිවරු අගය කලයුතු වෙමු එසේ උවත් කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද සමරු දේශනයක් පවත්වීමට මහජන මුදල් විශාල මුදලක් වැයකර ඇත
මහසෙන් Thursday, 05 October 2023 06:56 PM
කෙතරම් අගනා කාර්‍යයක් උනත් මේවාට මොනම මාධ්‍යකින්වත් ප්‍රචාරයක් නෑ. ජනතාව කුපිත කරවන දේවල් , හර සුන් ඕපාදූප , නිලියන්ගෙ මගුල් වලට පුනපුනා ප්‍රචාර. අනිත් දෙය දේශපාලකයන් සහභාගී වන උත්සව ජනතාව ප්‍රතික්ෂේප කිරීමේ නව ප්‍රවනතාව .
ගමේ එකාලා Thursday, 05 October 2023 08:43 PM
.මේ දේවල් කරන්ඩ තිබුනේ මීට හුගක් කලින් .ඇමතියා ගැන දැනගත්තම කාටවත් එන්ඩ හිතිලා නැතුව ඇති .
බද්රානි Thursday, 05 October 2023 08:54 PM
මෙවැනි වැඩසටහන් සංවිධානය කරන්නේ, නැසී ගිය අයට කෙලෙහිගුණ දක්වන්න නොවෙයි, ජීවත් වෙලා ඉන්න එවුන් පිම්බෙන්නයි... මොනා උනත් දැන් ජනතාව ටිකක් හෝ බුද්ධිමත් වීගෙන එන බවක් පේනවා. මෙයට නොපැමිණි සැම දෙනාටම ස්තුතියි!! ඇමතිගේ ඇම්බට්ටයෙක් වෙන්න ඇති සංවිධාන කලේ... ලැජ්ජාවේ බෑ, හොඳ වැඩේ...
ප්‍රභාත් බණ්ඩාර Thursday, 05 October 2023 09:47 PM
මා නම් දකින්නේ, සෙනරත් පරණවිතාණ පදනම, සමාජයේ, පුරා විද්‍යාවට, ඇති-තැන-ගැන, අධිතක්සේරුවකින්, මෙම සමරු දේශනය, සංවිධානය කර-ඈති බවත්, කැලණිය-වි-වි තුළ, සංවිධානය කලේ-නම්, ශිෂ්‍යයන් සහභාගී-වීම, ඉතා විශාලය.
Sampath Thursday, 05 October 2023 10:03 PM
කානිවල් නැතිනම් මිනිස්සු නෑ මේකෙන් පෙන්නන්නේ අපේ රටේ මිනිස්සු උගතුන්ට සලකන විදිය දේශපාලකයෙක් ආවා නම් සෙනග පොරකකා ඉන්නවා අනෙක් සංවිධායකයෝ මේක හරියට දැනුම් දීලා නෑ අවශ්‍ය අයට
chandima Friday, 06 October 2023 06:24 AM
මූන පුම්බාගෙන පුළුවන් වෙයි කියලා ආවට පස්සේ බලු උනා කියලා තේරුනාම ලැජ්ජා හිතෙන්න ඇති ඒකයි යන්න ඇත්තේ ?
සෙනෙවිරත්න Friday, 06 October 2023 06:32 AM
රාවණා ගැන කතා කලා නම් එන්න ඉඩ තිබුන. දැන් බොහොමයක් අය ඉන්නෙ සත්‍ය අතීතයක නෙවෙයි, චිත්‍රපටි කාරයො ආගම් කාරයො ගොතපු මනකල්පිත අතීතයක. ඇත්ත හෙලිකල මේ අයට සලකපු පරපුර දැන් එලොව.