(ජනූර් කිචිලාන්)

කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගය අසලදී පුද්ගලයින් දෙදෙනකු අතර හටගත් ආරවුලකදී එක් අයකු හදිසියේ මාර්ගයට තල්ලුවීමත් සමග එම පුද්ගලයා පාරේ ගමන්ගත් කන්ටේනර් රථයකට යටවී එතැනම මියගොස් ඇති බව දොරටියාව පොලිසිය පවසයි.

කුරුණෑගල- දඹුල්ල ප්‍රධාන මාර්ගයේ  කිරිවවුල ප්‍රදේශයේදී  ඊයේ (05)  සවස මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය පවසයි

ආරවුල ඇතිවූ අනෙක් පුද්ගලයා ක්ෂණිකව එතැනින් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.  

මේ පිළිබදව දොරටියාව පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.